Home » පුවත් » කලා කරුවන්ට රට බේරගන්න මැයි 01 එන්නලූ

කලා කරුවන්ට රට බේරගන්න මැයි 01 එන්නලූ

  • Thursday, 30 April 2015 04:49

කලාකරුවන් පිරිසක් මෙවර මැයි දිනය සමරන්නට සූදානම් බව වාර්තා වෙයි. මෙම කලාකරුවන් ඵෙතිහාසික කාර්‍යභාරයක් කිරීම වෙනුවෙන් මෙවර මැයි දිනය සමරන්නටලංකාවේ ප‍්‍රථම වතාවට පාරට බහින්නට සූදානම්ව සිටී.

 ඔවුන්ගේ ප‍්‍රධාන තේමාව වන්නේ මේ රට මේ වනවිට සංක‍්‍රාන්ති සමයකට පැමිණ සිටින බවත්  ජාතිය අපේ රට   විනාශ වෙන්නට පටන් ගෙන ඇති බවත්,  ලංකාවේ සංස්කෘතිය නැතිව යන බවත්, ආර්ථිිකය නැතිව යනබවත් ,ජාත්‍යන්තරයට හිස නමන්නට සිදුවන බවත්, අපේ රට අපිට නැතිය යන බවක් පෙනෙන්නට තිබෙන බවත් ය.

 ඕෂධී නම් වූ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණිය කලාකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර කියා සිටින්නේ මෙසේය.' මේ වෙලාවේ විශේෂයෙන් අපේ රටේ ඉන්න කලාකරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා මැයි දිනයට සහභාගී වෙන්න කියලා .දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නැතිව, තමන්ගෙ ටෙලි නාට්‍යක් දාගන්න තියෙන අවස්ථාව නැතිවෙයි කියලා, සංගීත ප‍්‍රසංගයක් නැති වෙයි කියලා හිතලා වැඩ කරන්නෙ නැතිව මීට  සහභාගී වන්නැයි කියලා මම ආරාධනා කරනවා.

'අපි ට මේ රට බේරගන්න වෙලා තියෙනවා කලාකරුවන් හැටියට. කලාව කරන්න අපිට රටක් තියෙන්න  ඕනෙ. ඒ නිසා හෑද සාක්‍ෂියක් ඇති කලාකරුවන්ට මැයි පළවෙනිදාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා'.

 ඕෂධී ඉතා උවමනාවෙන් එසේ පවසන පිටුපස මහින්ද රාජපක්‍ෂගේ ජායාරූපයක් බිත්තියක එල්ලා තිබේ. මේ රට බේරාගන්නට සිදුව ඇතත්තේ කාගෙන්දැයි මේ කලාකරුවන්ගෙන් විමසිය යුතුව ඇත. මේ රටේ සුවහසක් වැඩ කරන කම්කරු ජනතාවගේ දිනය වන මැයි පළවෙනි දිනට කලාකරුවන් පාරට බැස ඉල්ලා සිටින්නට හදන්නේ ජනතාව ගෙදර අරින ලද පුද්ගලයෙක් නැවත බලයට ගේන්නට අවශ්‍ය පාර සකස් කොට දේනට කියන්නද ?

වැලිවේරියේ ජනතාවට වතුර වෙනුවට උන්ඩය දුන් රට පාලනය කළ අයෙකුට ජනතාව පීඩනයට පත්කළ පුද්ගයෙකු වෙනුවට ටෙලි නාට්‍ය විකාශ්‍ය කරගන්න කප්පම් අල්ලස් දුන් පසුබිමක චිත‍්‍රපටයක් කරන්න පෙන්වන්න ණය පහසුකම් නොදුන් තනතුරු වරප‍්‍රදාස තම තමන්ගේ පවුල් වල අයට දුන් අය වෙනුවෙන් හෘද සාක්‍ෂියක් ඇති එක කලාකරුවෙකු මැයි දිනයට පාරට නොබසින බව අපට විශ්වාසය. මන්ද සැබෑ කලාකරුවන් සිටින්නේ ජනතාව සමග මිස දේපාලකයන් හොරු ස්ත‍්‍රී දූෂකයන් පගා කරුවන් මිනී මරුවන් සමග නොවන නිසාය.

ඕෂධීගේ වීඩියෝව

https://www.facebook.com/sheron.samaranayake/videos/vb.100000798594836/822792707757341/?type=2&theater

 

325