එහිදී එම චිත්‍රපටය ඇගැයුමට ලක්වූ බවද වාර්තා වේ. මේ සඳහා අධ්යක්ෂවරු දෙපළ සමඟ කැමරා අධ්යක්ෂ ජාන් ෂෙන්බර්ගර්ද සහබාගිව සිට ඇත. මේ සිනමා පටය සත්‍ය කතාවක් ඇසුරින් සකසන ලද්දකි.
ආදරය මඟින් සිත් සුවපත් කළ හැකි බව ප්‍රේමය නම් මඟින් පසක්කරදීමට නිර්මාපකයින් උත්සාහ ගෙන ඇත. ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, විශේෂඥ වෛද්‍ය සතිස් විජේමාන්න, ප්‍රධාන චරිතවලට පණ පොවන අතර පසුබිම් සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් නිර්මාණය කර තිබේ.
මෙහි ගීත රචනාකර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. ප්‍රසන්න විතානගේ විධායක නිෂ්පාදනයෙන් දායක වූ අතර සහාය අධ්‍යක්ෂණය දමින්ද ඩී. මඩවල විසින් සිදුකර ඇත. කල්පන ආරියවංශ, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ සහ සුජීව විජේසිංහ මෙහි නිෂ්පාදන දායකයෝ වෙති.