Home » පුවත් » මාස්ටර් සර් ජීවිතයෙන් සමුගනී

මාස්ටර් සර් ජීවිතයෙන් සමුගනී

  • Thursday, 16 April 2015 08:26

ප‍්‍රවීණ ගීත රචකයකු  හා සම්මාන ලාබී සංගීතඥයකු වන නිමල් මෙන්ඩිස් මහතා  අභාවප‍්‍රාප්ත වී ඇත. ඔහු මිය යනවිට ඔහු 81 හැවිරිදි වියේ පසුවිය.'මාස්ටර් සර් ','රන්ටිකිරි සිනා', 'නිම්හිම් සෙව්වා මා සසරේ'  ඇතුළු ජනප‍්‍රිය ගීත රැසක සංගීත නිර්මාපකයා මෙන්ම  'මාස්ටර් සර්' හි ගීත රචකයාද  නිමල් මෙන්ඩිස් මහතාය.

නිමල් මෙන්ඩිස් මහතා කලූ දිය දහර', 'ගෝඞ් කිං',  'අහසින් පොළවට', 'ගග අද්දර', 'යහළු යෙහෙළි', 'ගැහැනු ළමයි',  'දුවට මවක මිස' සහ තවත් සිනමා පට ගණනාවකටම සිය සංගීත නිර්මාණදායකත්වය ලබාදී තිබේ. ඔහුගේ සංගීත නිර්මාණයන් මෙන්ම ගායනයන් ද  ඔහුවද මෙරට සුවහසක් සංගීත රසවිඳින්නන්ට කිසිදා අමතක නොවනු ඇත.

තවත් එක්  පරපුරක ප‍්‍රවීණයෙකු සදා නොමියෙන මතකයන් ඉතිරි කොට නික්ම ගොස් ඇත. මිරර් ආර්ට්ස් නිමල් මෙණ්ඩිස් මහතාගේ අභාවය වෙනුවෙන් මෙසේ ශෝඛය ප‍්‍රකාශ කරන්නෙමු.

https://www.youtube.com/watch?v=QbAznJ88ofY

325