Home » පුවත් » නන්දා මාලනීගේ ලස්සන මල් 20 දා පිපෙයි

නන්දා මාලනීගේ ලස්සන මල් 20 දා පිපෙයි

  • Thursday, 12 March 2015 11:45

විශාරද නන්දා මාලනී 'ලස්සන මල් පිපිලා' නමින් නවතම සංගීත තැටියක් එළිදැක් වීමට සූදානම් වෙයි. මෙහි ඇතුළත් වන්නේ නන්දා මාලිනී වසර 15 දී පමණ ළමා පිටියේදී කාලෙදි ගැයූ ගීත 10 කි. 'ලස්සන මල් පිපිලා' එළි දැක්වීම 2015 මාර්තු මස 20 වැනි සිකුරාදා සවස 5.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ B කමිටු ශාලාවෙදි සිදු කරයි.

මෙම සංගීත තැටිය සමග වර්ණ පිංතූර සහිතව ස්වර ප්‍රස්තාර ඇතුළත්ව ‍පොතක් ද පිරිනමන බව නන්දා මාලිනිය ප‍්‍රකාශ කළේය. එම ‍පොත නිර්මාණය කර ඇත්තේ ප‍්‍රවීණ රචිකාවක චිත‍්‍රශිල්පිණියක ද වන සිබිල් වෙත්තසිංහය. මෙම එළි දැක්වීමේ උත්සවයේදී සිබිල් වෙත්තසිංහ විසින් ළමා චිත්‍ර හා ළමා ගීත කලාවේ මුසුවූ ඇගේ අත්දැකීම් අළලා දේශනයක් ද පැවැත්වීමට නියමිතය . එමෙන්ම ගුවන් විදුලියේ ළමා ගීත ඉතිහාසය ගැන දේශනයක් සමන් අතාවුද හෙට්ටි විසින් පවත්වනු ඇත.

මෙහිදී රසබර ගීත පහක් නන්දා මාලිනිය විසින් ගායනා කිරීමට නියමිතය. මෙම උත්සවය මෙහෙයන්නේ නිරංජලා සරෝජිනි විසිනි. නිරංජලා සරෝජිණිය මෙම වැඩ සටහන මෙහෙය වීමට සම්බන්ධ කරගැනීම පිළිබඳව නන්දා මාලිනිය සිය අදහස් මෙසේ පප‍්‍රකාශ කර තිබිණ ".මුලින්ම ළමා පිටියෙන් ක්‍ෂේත්‍රයට ආපු මම පසුකාලයේදී වසර කීපයක් ළමා පිටිය මෙහෙයවූවා. ඒ කාලයේ දී තමයි නිරංජලා සරෝජිනි, නිර්මලා රණතුංග, රෝහණ සිරිවර්ධන, දමයන්ති ජයසූරිය වැනි අය බිහිවුණේ. ඒකයි මම මෙම උත්සවය මෙහෙය වීමට නිරංජලාව යොදා ගත්තේ".

නන්දා මාලිනියගේ 36 වැනි ගීත මාලා ව වූ 'ලස්සන මල් පිපිලා' සංගීත තැටිය නිෂ්පාදනය කරන්නේ එම්.ඩී.ගුණසේන සමාගම විසිනි.'ලස්සන මල් පිපිලා 'සංයුක්ත තැටියට ඇතුළත් වනුයේ නන්දා මාලිනිය විසින් බුදු සාධු ගීතය ගායනා කළ අවදියේදී ගායනා කළ ගීත ය. 


රෝහණ වීරසිංහයන් සමග එක්ව නැවත නිර්මාණය කරන ලද මෙම ගීත වර්තමාන දුවා දරුවන්ට මෙන්ම සියලූම සංගීත රස විඳින්නන්ට අපූරු රසයක් විඳිනට හැකි අවස්ථාවක්වනු නොඅනුමානය මෙය ඕනෑම කෙනෙකුට විවෘත උත්සවයකි .

325