Home » පුවත් » එන්.ඩී.ටී.වී. රූපවාහිනී නාලිකාවේ විකාශය නවතියි

එන්.ඩී.ටී.වී. රූපවාහිනී නාලිකාවේ විකාශය නවතියි

  • Thursday, 12 March 2015 11:39

ආන්දෝලනයට තුඩු දුන් ඉන්ඩියාස් ඩෝටර්(India's Daughter)  නැමැති වාර්තා වැඩසටහන විකාශය කිරීම තහනම් කරමින් ඉන්දීය රජය නිකුත් කළ නියෝගයට විරෝධය පෑම සඳහා ඉන්දියාවේ ප්‍රධානම රූපවාහිනී නාලිකාවක් වන නවදිල්ලි රූපවාහිනී නාලිකාව එන්.ඩී.ටී.වී. පැයක කාලයක් සිය විකාශන කටයුතු අත්හිටුවූ බව වාර්තා වේ.

2012දී නවදිල්ලියේ සිදුවූ සමූහ දූෂණ සිද්ධියේ චූදිතයෙකු ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් මෙම වැඩසටහන විකාශය තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. එන්.ඩී.ටී.වී. නාලිකාව ඇතුළු පිරිසකගේ අදහස වන්නේ ලොව පුරා කාන්තාව සම්බන්ධයෙන් දක්වන ආකල්ප දැක්වීමට හා ඒ හරහා විරෝධයක් ගොඩනැංවීමට මෙම වැඩසටහන විකාශය කළ යුතු බවයි.

https://www.youtube.com/watch?v=twUmDDMX9tU

උපුටාගැනීම බි. බි.සී.

325