Home » පුවත් » වැඩේට හරි ගිය කෙල්ල
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.

වැඩේට හරි ගිය කෙල්ල

1967 අවසාන භාගයේ දිනක අකල් වැස්ස නාට්‍ය නැරඹූ, ලංකාවේ ජනතා හදවත් දිනාගත් සුවිශේෂි සිනමා නළුවා වූ නැසීගිය ජෝ අබේවික්‍රම විසින් 'පුංචි බබා' සිනමා පටය නිපැයූ, තිස්ස ලියනසුරිය ට "තිස්ස මහත්තයෝ මේ ඉන්නෙ අපේ වැඬේට හරියන කෙල්ල" කියා කිවේලූ.

එයා දුටු ඒ තරුණ කෙල්ල 'පුංචි බබා' චිත්‍රපටියේ ප්‍රධාන චරිතයකට පන පෙවීමට තෝරා ගත්තේය.'අකල් වැස්ස' වේදිකා නාට්‍යයේ හොදම නිළිය ලෙස තේරී පත්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නිළිය ප්‍රථම වරට රඟපෑ සුගතදාස මාරසිංහ නිශ්පාදනය කල තිස්ස ලියනසූරිය ගේ නිර්මානයක් වූ ජෝ අබේවික්‍රම , මාලනී ෆොන්සේකා හා අනුලා කරුනාතිලක ප්‍රධාන චරිත වලට පනපෙව් 'පුංචි බබා' සිනමා කෘතිය 1968 පෙබරවාරි 26 වෙනිදා ලංකා රිදී තීරයේ තිරගත වුයේය.


වර්තමාන ලංකාවේ සිනමා අග රැජිණි විරුදාවලියෙන් සැලකුම් ලබන පනස් වසරක වේදිකාව හා සිනමා දිවියක මග ගෙවූ මාලනී ෆොන්සේකා ගේ රිදී තීරය පිලිසිඳ ගන්නේ එසේය.


එදා සිට අද දක්වා දෙස් විදෙස් සිනමා කෘති 150ක පමණ ප්‍රධාන චරිත රඟපා පසු කාලීනව අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදකවරියක් ලෙස ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට ඇය කළ දායකත්වය කිසි විටෙකත් මිළ කල නොහැකිය.එදා ආරම්භ කල සිනමා දිවියේ මේ දක්වා ඇගේ රඟපෑම් දුටු සිනමා ලෝලියෝ සතුටු කඳූළු සැලූවෝය. සමහරක් ඇඩුවෝය. සමහරු දුක් වූවෝය.සමහරු පුදුම වූවෝය.


නිධානය,  එයා දැන් ලොකු ළමයෙක් , ඹමරු ඇවිත් , ආකාස කුසුම් ,ස්ත්‍රී , යන සිනමා කෘතිවල ඇගේ ප්‍රතිභාපූර්ණ රඟපෑම් වලින් සිනමා පටයන් ඔපවත් කර ඇත්තේය.ඇගේ රඟපෑම් ඒ තරමටම උසස්ය .විශිෂ්ඨය . ඇගේ එම දක්ෂතාවයන්ට ඇය ලැබූ සම්මාන පොදියෙන් ඇගේ පෙට්ටගම් පිරී ඉතිරී ඇත්තේය.


සරසවි සම්මානග කලා ශුරී සම්මාන, විශ්ව ප්‍රසාදනී සම්මාන, රිදී මොනරා සම්මානය ආදි   විශාල සම්මාන තොගයක් හිමි කරගත් ඇය 2012 දි හා 2013 දි අනුපිලිවෙලින් ඉන්දියාවේ ජාත්‍යයන්තර සිනමා උළෙලෙ හා ඕස්ට්‍රේලියාවේ ආසියානු පැසිපික් ජාත්‍යයන්තර සිනමා උළෙලේ විශේෂ ජූරියේ සමාඡිකාවක් ලෙසද කටයුතු කළාය.


පසුගිය මාර්තු මස 05 වෙනිදා ලෝක ප්‍රසිද්ධ ප්‍රංශයේ ධෝවිල් 16 වෙනි අන්තර් ජාතික ආසියානු සිනමා උළෙලෙ ආරම්භ වුයේ ඇයගේ පනස් වසරක කලා දිවියට විශේෂ උපහාරයක් පුදමින්ය. මින් පෙර මෙම උළෙලේ උපහාර ලැබූවන් අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් අයත් වන අතර එය 2001 දී සිදුවුයේය.


මෙවර උළෙල සදහා ඉරානය,ඉන්දියාව, ඉන්දුනීසියාවල, පිලිපීනයල, දකුනු කොරියාව,චීනය,කසකස්ථානය යන රටවල සිනමා කෘති ඉදිරිපත් කර තිබුනේය.උළෙල ආරම්භ කරමින් ධෝවිල් නගරයේ නගර සභාපති පිලිප් ඔඡියේ හා සිනමා උළෙලේ සභාපති ලයනල් ෂූසොන් දේශන පැවැත්වු අතර එහිදී සිනමා නිළි මාලනී පොන්සේකා ව විශේෂ ඇගයීමකට ලක් කළේය.


ශාලාවේ අත් පොලසන් හඬ මැද්දේ වේදිකාවට පැමිනි මාලනී පොන්සේකා   තම ආදරණිය මෑණියන් හා ඇගේ කලා දිවියට අත දුන් සියලූදෙනා සිහිපත් කරමින් විශේෂ දේශනයක් කළේය.අනතුරුව ඇයට උපහාර සිදු කරමින් තිලින ප්‍රධානය සිදුකෙරුනි.


ඒ වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'නිධානය', ධර්මසේන පතිරාජගේ 'බමරු ඇවිත්' හා ප්‍රසන්න විතානගේ ගේ 'ආකාස කුසුම්' යන චිත්‍රපටි උළෙල පවත්වන දින පහ ඇතුලත තිරගත විය .උත්සවයේ ප්‍රධාන අමුත්තෙක් ලෙස ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්්‍ය කරුනාරත්න හඟවත්ත හා එම රසාදරී ෆොන්සේකා සහාභාගි වුයේය.සිනමා උළෙල ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ වර්තමාන සිනමා අගරැඡිණිය මාලනී පොන්සේකා  සාකච්ඡාවකට මෙලෙස එක්වුයේය.


ප්‍රංශයේ පැරිස් නුවර ලෝකයේ කලා නගරයක් ලෙස හදුන්වනවා.ලෝක ප්‍රකට පඬිවරුල විශාරදයෝ , විදුවරු ,කවියෝ ලේඛකයෝ, නළු නිළියෝ ආදි ලෙස විශිෂ්ඨ මිනිසුන් මෙම කලා නුවර ආලෝකමත් කිරීමට දායක වී තිඛෙනවා අදත් එසේමය.මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාවේ වර්තමාන සිණමා අග රැඡිණියගේ සිනමා අඩ සියවසට ප්‍රංශයේ ධෝවිල් 16වන අන්තර් ජාතික ආසියානු සිනමා උළෙලේදි උපහාර ලබනවා.මෙම හැදින්වීම ඔබ . විස්තර කරන්නේ කෙසේද?

ඹව්.මම ගොඩක් සන්තෝෂ වෙනවා.මෙය විදේශ රටක තෝරා ගැනීමක්. විශේෂයෙන් ප්‍රංශය වගේ කලාව ඉහලින් සලකන රටක මෙවැනි උළෙලකට සහාභාගි වීම හා උපහාර ලැබීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා.


'අකල් වැස්සෙන්' වේදිකාව තෙත් කොට එයින් පෝෂණයවූ සිනමා දිවිය ආරම්භ කර, ශ්‍රී ලංකාවේ සිනමා 'අගරැඡිණිය' ලෙස විරුදාවලිය හිමිකර ගත් ඔබ ඇමතීමට සුදුසු වන්නේ,එම අගරැඡිණිය ලෙසද? එසේ නැත්නම් අඩ සියවසක් සිනමාව ආලෝකමත් කරමින් අප්‍රමාන සිනමා රසිකයන්ගේ හදවත වැළඳ ගත් හා ඔවුන් විසින් ආදරයෙන් අමතන මාලනී අක්කා ලෙසද? එසේත් නැත්නම් වර්තමාන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසද?

ඔය මුලින් කිව් කොයි ආකාරයෙන් කථා කලත් මම ගොඩක් සතුටුයි.මගේ ආදරණිය සිනමා රසිකයන් හැම දෙනා අමතන මාලනී අක්කා ලෙස ඇමතීම මගේ සිතට අසීමිත සතුටක් ඇති කරනවා.ඒ වගේම අක්කා ලෙස ඇමතීමේදි ආදරණිය බවක් දැනෙනවා.ඒ වගේම මන්ත්‍රීවරියක් ලෙස ඇමතීමේදි ගොඩක් වගකීමක් හා ගෞරවයක් ඇතිවෙනවා.

 

ඔබ ගේ සිනමා අර්ධ සංවත්සරයට උපහාර ලබන අද ප්‍රංශයේ ධෝවිල් 16 වන ජාත්‍යයන්තර ආසියානු සිනමා උළෙලේ තිරගතවූ නිධානය චිත්‍රපටියෙන් ඔබට ගුරු හරුකම් දුන් අප අතරින් සමුගත් සිනමා සක්විති ලෙස හැදුන්වූ ප්‍රතිභා පූර්ණ නළු ගාමිනි ෆොන්සේකා සිහිපත් කිරීම ඔබ ගුරු උපහාරයක්ද සිදුකළා යැයි පැවසීම ඔබ හදුන් වන්නේ කෙසේද?

ගාමිණී ෆොන්සේකා අපේ සිනමා කර්මාන්තයේ අමතක නොවන දැවැන්ත සිනමා බළකනුවක්.ගාමිණී ෆොන්සේකා යන නම අපිට කවදාවත් අමතක කරන්න බැරි දක්ෂ වටිනා චරිතයක්.ඔහුව සිහිකිරීම ඇත්තටම ගුරුවරයෙක් සිහි කිරීමක් වෙනවා.ඒ වගේම මගේ සිනමා දිවියට අත හිත දුන් අධ්‍යක්ෂකවරු ල නිශ්පාදකවරු සිනමා සමකාලීනයන් සිහිපත් කිරීමද ඔවුන්ට කරන ගෞරවයක් වෙනවා.ඒ තුලින් අපේ වර්තමාන හා අනාගත සිනමා කරුවන්ට ලබා දෙන හොද ආදර්ශයක් වෙනවා.

 

එදා හා අද අතර ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ ගුණ අගුණ හා එහි වෙනස් වීම් ගැන ඔබ තුමියගේ සමාලෝචනය කුමක්ද ?

ඇත්තටම පසුගිය කාලයේ ලංකාවේ තිබුන යුධ පරිසරය තුළ අපේ සිනමා කරුවන්ට බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදුවුනා.දැන් එම තත්වය සම්පූර්ණයෙන්ම මග හැරී තිඛෙනවා.ඒ අනුව අපට අළුත් පනක් ලැබී තිඛෙනවා. ඒ වගේම ලෝකයේ දියුනු වෙමින් පවතින ඩිඡිටල් තාක්ෂනය අපේ රටේත් ප්‍රචලිත වෙමින් පවතිනවා.ඒ තුළින්ද ඉදිරියේදි හොද සිනමා ලෝකයක් බිහිකිරීමට හැකිවේවී කියා මම හිතනවා.


ප්‍රංශය යනු කාන්තාව උතුම් කොට සලකන කාන්තාව සම ලෙස සලකන මවක්සේ පුදන රටක්.අද ශ්‍රී ලංකාවේ මාලනි ෆොන්සේකා යනු අපගේ සිනමා මවකි.ඇය මන්ත්‍රීවරියකි.ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතීන් සුරැකීම උදෙසා ඔබ තුමියගේ දායකත්වය කෙසේද ?

මට ලැබුනු එම නිලය තුළින් යම් සේවයක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. එදත් අදත් මම ඉතා නිහඬව එම සේවය ලබා දෙනවා. විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයේදී එම සේවය ලබාදී තිඛෙනවා. අදත් එම කටයුත්ත ඉතා නිහඬව සිදු කරමින් සිටිනවා.


මාලනි අක්කා වැඩියෙන්ම කැමති සිනමාවටද ?දේශපාලනයටද ?

සිනමාව යනු මගේ ජීවිතයයි . එයට මම ප්‍රථම තැන දෙනවා.


සුනිල් ආනන්ද පැරීසියේ සිට

Image Gallery

{gallery}616{/gallery}

325