Home » කතාබහ
  • නිරෝෂා විරාජිණී ගෙ ජීවිතයේ අලූත් අලූත් දෑ සිදුවෙමින් පවතින බවට ආරංචි කිහිපයක්ම ලැබුනා . ඇයට අලූත් රජයේ පත්වීමක් ලැබිලා කියලත් ආරංචි වුනා .මේ සියලූ ආරන්චි පිළිබඳ ඇත්ත ඇති හැටියෙන් දැන ගන්න අපි නිරෝෂාට කතා කළා.

    Read more...
  • 28.04.2015
  • ‘සිර වී තිබුණා හද පතුලේ

    ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කළා මා නුපුරුදු හැඟුමන්
    මා සඟවා සිටි ආදරේ . . .’

    කලකට ඉහත ‘තරු ඇස් දහසක්’ ගීත සමුච්චය සඳහා ගැයූ එම ගීතය නිරෝෂා විරාජිනීගේ සංගීත දිවියේ ඉතා වැදගත් කඩඉමක් සනිටුහන් කරයි. එම ගීය ඇතුළත් ‘සිනහව අතරින්’ චිත්‍රපටය, චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂිකාවක් ලෙස ඇගේ සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරයි. ඇය ගයා, වයා, ස්වර රටා නිමවා සංගීතවත් කළ සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ මේ සිනමා නිර්මාණය ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයෙන් අනතුරුව ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

    ඔබේ ගායන චාතූර්යයෙන් කටහඬ පරාසයෙන් හඬෙන් හෝ ප්‍රතිභාවෙන් ඔබ තවමත් ප්‍රයෝජනයක් අරගෙන නෑ කියලා මට හිතෙනවා. කොටින්ම ප්‍රබුද්ධ රසික සමූහයා අපේක්ෂා කරන තැනට ඔබ ඇවිල්ලා නෑ. එතැනට එන්නට ඔබට පැහැදිලි උවමනාවකුත් නැති බව වසර ගණනාවක් ඔබේ නිර්මාණ නිරීක්ෂණය කළ අයෙකු ලෙස මට හිතෙනවා

    මේ ක්ෂේත්‍රයේ යම් යම් සීමාවන් තුළ තමයි මටත් මගේ නිර්මාණ කරන්න වෙලා තියෙන්නේ. තව කෙනෙකුගේ අවශ්‍යතා සපුරන්න මටත් නිර්මාණකරනයේ යෙදෙන්න වෙලා. චිත්‍රපට නිෂ්පාදකයාගේ, සංගීත අධ්‍යක්ෂවරයාගේ හෝ ගී තැටි නිෂ්පාදකයාගේ අවශ්‍යතා සහ සීමාවන් තුළ ඒ සීමාවන් බිඳගෙන ගිහිල්ලා විකුම්පාන්න අපේ රටේ පුංචි සංගීත වෙළෙඳපොල තුළ මටත් අවස්ථාව අඩුයි. නැති තරම් යැයි කිව්වොත් නිවැරැදියි.

    ඒකාකාරී රටාවක මගේ ගීතත් හිර වෙලා. ඒ සම්මත ආකෘතිය බිඳ හෙලලා අලුත් අත්දැකීම් කරන්න, අවදානමකට අත තියන්න ඒ නිර්මාණයට මුදල් යොදවන පුද්ගලයන් බයයි. සිංහල ගීතවල නම් තවමත් සරල ගීත ආකෘතියට තමයි මුල් තැන දීලා තියෙන්නේ. සරල ගීයක් තුළ ලොකු වික්‍රමයක් කරන්න බෑ. ලෝකේ අනෙක් රටවල් මේ සම්මතයන් බිඳ හෙලලා සෑහෙන දුර ගිහිල්ලා. අපි දියුණු සංගීත යුගයකට අවතීර්ණ වෙලා නෑ. අපේ රටේ තියෙන්නේ සම්මත රාමුවකට කොටු වූ යල් පැනගිය සරල සංගීත සම්ප්‍රදායක්.

     

    ඔබේ බොහෝ ගීත සමන්විත වී තිබෙන්නේ හරසුන් පදමාලාවලින්. ඔබේ හඬ හා සංගීතය හැරුණු විට මේ ගීතවල ගත යුත්තක් නැති තරම්. මේ චෝදනාවෙන් ඔබට ගැළවෙන්න බෑ. පදමාලා තෝරා ගනිද්දී ඔබට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා 

    මම අර්ථවත් පදමාලා රැසක් ගයා තිබෙනවා. ඒත් ඒවා මාධ්‍යයෙන් ප්‍රචාරය වෙන්නේ නෑ. ඇතැම් ගීත සමහර විට ඔබත් අසා නැතිව ඇති. මාධ්‍යවලින් නිතර ප්‍රචාරය වුණේ ප්‍රමුඛස්ථානය ලැබුණේ හරසුන් පද මාලාවලට. වෙනසක් කළ අවස්ථාවල ඊට ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. මේ සඳහා මම හිතන්නේ සියළු දෙනාගේම මානසිකත්වය වෙනස් විය යුතුයි. මගේ හඬට ආකර්ශනය වූ කෙනා මගේ සින්දු අහනවා. ඒ හැර ඒක මගේ විශේෂ වික්‍රමයක් නෙවෙයි.

     

    ඔබට මාර්ගෝපදේශකයෙක් නෑ කියලා මට හිතෙනවා. නිර්මාණ අවකාශයේ ඔබ ඔහේ ගමන් කරනවා. ඒක අයාලේ යෑමක් වගේ දෙයක්?

    හැමෝටම හොඳ මාර්්ගෝපදේශකයෙක් හම්බ වෙන්නේ නෑ හොඳ මාර්ගෝපදේශකයෙක් ලැබෙන්න හොඳ වාසනාවකුත් තියෙන්න ඕනෑ. නන්දා මාලිනී / මහාචාර්ය සුනිල් ආරියරත්න, අමරදේව / මහගම සේකර, වික්ටර් රත්නායක / ප්‍රේමකීර්ති. මාර්ගෝපදේශකයන් වනවාට අමතරව නිර්මාණකරනයේ සාර්ථක සුසංයෝගත් බිහි කළා. මගේ නම කියද්දී එහෙම කිසිවෙකුගේ නමක් මතකයට එන්නේ නෑ. අපේ පරම්පරාව ඔසවා තබන්න එවැනි මිනිසුන් සිටියේ නැහැ. හැබැයි මා වටා හොඳ මිතුරු පිරිසක් සිටිනවා. ඔවුන් යම් යම් අවවාද දෙනවා.

     

    ඔබ නිතරම කියන්නේ මේ රටේ කුඩා සංගීත වෙළෙඳ පොලේ ලොකු දෙයක් කරන්න අමාරු බව. ඔබට සිංහල ගීතවලටත් වඩා හොඳින් හින්දි හෝ දෙමළ ගීත ගායනා කළ හැකියි. වරක් ඔබ දෙමළ චිත්‍රපට ගීතයක් ගායනා කළා. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සංගීතය විශ්ව භාෂාවක් වගේම ඔබේ හඬටත් මුහුදු සීමාවන් වලංගු නැහැ කියලා මම හිතනවා. ඔබට තිබුණා ඔබේ කටහඬින් ඉන්දියාවේදී ප්‍රයෝජනයක් ගන්න. ඇයි අතරමගදී නැවතුණේ?

    ඇත්තෙන්ම මමත් උත්සාහ කළා. වර්තමානයේ ඉන්දීය සංගීත ධාරාවේ ඉඩක් ගන්න හරිම අමාරුයි. දිනපතා අති දක්ෂ ශිල්පි ශිල්පිනියන් රැසක් බිහිවෙන රටක් ඒක. වෙනත් රටක ඉඳලා ඒක ආක්‍රමණය කරන එක අති දුෂ්කර දෙයක්. අපේ රටේ වගේ සියයට දාහක තරගයක් එහෙ තියෙනවා.

     

    මෛත්‍රී... මෛත්‍රී ගීතය තුළින් ඔබ උණුසුම් දේශපාලන වේදිකාවට, ජනාධිපතිවරණ සටනට මෛත්‍රිය ආරෝපණය කිරීමට උත්සාහ කළා. මේ ගීතයේ පසුබිම කුමක්ද?

    ‘මෛත්‍රී . . . මෛත්‍රී . . . මෛත්‍රී
    ලෝසත නිවනා මෛත්‍රී . . .’

    ඒ ගීතය අතුරලියේ රතන හාමුදුරුවෝ මෛත්‍රී භාවනාව ඇසුරෙන් නිර්මාණය කරපු එකක්. ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නම යොදමින් කරපු ගීතයක් නෙවෙයි.ගීත හා සංගීත ඛණ්ඩ ඇසුරෙන් මිනිස් සිත නිවාලන සංගීතයෙන් සිත සමාධියට පත් කිරීමේවැඩසටහන් මාලාවක් රතන හාමුදුරුවෝ ආරම්භ කර තිබෙනවා. හැම ආගමකටම අයත් දේව ගීතිකා, ගාථා ආදිය ඇසුරෙන් භාවනා කළ හැකි අන්දමේ ගායන හා වැයුම් මේ වැඩ සටහනට ඇතුළත්.

    වෙනසක් සඳහා වූ මේ සටනට සහයෝගය දැක්වීම නිසා ඒ දිනවල රූපවාහිනියේ සහ අයි. ටී. එන්. එකේ මගේ ගීත ප්‍රචාරය පවා තහනම් කළා. ඒ වගේ නින්දිත තැනකට මේ මාධ්‍යවල හිටිය බලධාරීන් පත් වුණා. මේ නාළිකා දෙකේ ගීත ප්‍රචාරය නොවීම මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මට කෙස් ගහකවත් බලපෑමක් ඇති වුණ දෙයක් නෙවෙයි.

     

    සංගීත අධ්‍යක්ෂණය ඔබට අළුත් අත්දැකීමක්. සරල ගීත සඳහාවත් සංගීතය නිර්මාණය කර එතරම් අත්දැකීමක් නැති ඔබට එක වරම චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වීම කොයි වගේ අභියෝගයක්ද?

    මට මේ සඳහා ආරාධනය ලැබුණේ සනත් අයියා (සනත් ගුණතිලක)ගෙන්. ඔහු මොකක් හරි හේතුවකට මා කෙරෙහි ලොකු විශ්වාසයක් තැබුවා. මේ ක්ෂේත්‍රයේ සමහර වාදකයෝ මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ වාදනය කරන්න කැමැති වුණේ නෑ. සමහරු මාව වර්ජනය කළා. මට උපරිම සහයෝගය සමහර ප්‍රවීණ වාදකයන්ගෙන් පවා ලැබුණා. ‘සිනහව අතරින්’ සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයක්. සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. තුන් කොන් ප්‍රේමයක් පාදක කර ගනිමින් ගොඩනැගෙන මේ චිත්‍රපටය මැද මාවතේ නිර්මාණයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. මෙහි පසුබිම් සංගීතය සඳහා මම බටහිර සංගීතය වගේම හින්දුස්ථානි සංගීතයත් යොදා ගත්තා.

    මට හැකි උපරිමය කරන්න මම උත්සාහ කළා. ඒ සමඟම තවත් චිත්‍රපටයකත්, ටෙලි නාට්‍ය කිහිපයකත් සංගීතය අධ්‍යක්ෂණය කරන්න මට ආරාධනා ලැබුණා. මේ වසරේ මම ගායනා කළ ගීත ඇතුළත් චිත්‍රපට පහක් තිරගතවීමට නියමිතයි. ඒ සමඟම ක්ෂේත්‍රයේ අලුත් ගමනක් යන්න මම හිතාගෙන ඉන්නවා. ගීත ගායනයෙන් වගේම සංගීත අධ්‍යක්ෂණයෙන් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. මම මීට පස්සේ රියැලිටි ෂෝස්වල විනිශ්චය මණ්ඩවලට නොයන්න තීරණය කළා. ඒ වගේ දේවලින් ලැබෙන්නේ මුදල් ටිකක් විතරයි. වෙළෙඳ පොලේ සබන් කැටයක වටිනාකම තමයි කලාකරුවන්ට ලැබිලා තියෙන්නේ. මේ වෙළෙඳ ලෝකයේ සබන් කැටයක් මෙන් දියවෙලා යන්න මම සූදානම් නෑ.

    උපුටාගැනීම සරසවි පුවත්පතිනි

    සම්පත් බණ්ඩාර

     

    Read more...
  • 12.03.2015
  • යම්කිසි වචනයකට අර්ථයක් සැපයෙන්නේ ඒ වචනය බාවිතයේදී වඩාත් වැදගත් කමක් උසුලන අවස්ථාවකය. 'වෙනස' අද වනවිට වඩාත් වැදගත් සහ වටිනා වචනයක් බවට පත්ව ඇත්තේ එය අද සමාජය තුළ වඩාත් වැදගත් අවශ්‍යතාවක් ව ඇති හෙයිනි. ප‍්‍රවීණ, දක්‍ෂ සහ ජනප‍්‍රිය සංගීත වේදිණීයක් වන නිරෝෂා විරාජිණී ද නව වසරේ වෙනසකට සූදානම් වන්නේ ඇගේ ජීවිතයට වටිනාකමක් එක්කරමිණී.

    Read more...
  • 01.01.2015
  • නාට්‍යවේදී ඉන්දික ෆර්ඩිනැන්ඩු නිර්මාණය කළ ප‍්‍රථම සිනමා නිර්මාණය හෝ ගාන පොකුණ පසුගියදා ඇමරිකාවේ චිකාගෝ අන්තර්ජාතික ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය කරනු ලැබීය. එහිදී එයටSpecial Jury Award (Teacher’s Choice) සම්මානය හිමිවිය.හෝ ගාන පොකුණ නිෂ්පාදනය කළේ කුසුම්සිරි ලියනාරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර ඇතුළු කණ්ඩායම විසිනි.

    Read more...
  • 16.11.2014
  • කොදෙව්වෙන් ඔහු පිටව ගියේ, එය ප්‍රසාරණයට අත් වැලක් වීමට බව දැන් පැහැදිළිය. සිනමාවේ උපත සිදු වූ ප්‍රංශය නියෝජනය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකිකයෙකු තම සිනමා නිර්මානයක් එළඹෙන සතියේ ඉන්දියාවේදී ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටී. ඔහු ඉන්දික උඩුගම්පළ ය. 

    Read more...
  • 11.10.2014
  • සම්මාන ලැබීමට බොහෝ අය ආශා කරති. සමහරු සම්මාන ලබන්නට විවිධ අල්ලස් පවා දෙන බව රහසක් නො වූ සත්‍යයකි. සිනමා සහ ටෙලි සම්මාන සඳහා ඇත්තේ බලූ පොරයක් යැයි බොහෝ අය පවසනා කාරණයකි. සමහරු කූපන් දමා ගනිති. තවත් සමහරු වර්තමානයේ නම් එස්එම්එස් දමාගනිති. තවත් සමහරු විනිශ්චය මණ්ඩලවලට තෑගි බෝග දෙති. මේවා දැන් සම්මාන උළෙල පිළිබඳ ව වූ ජනප‍්‍රිය මාතෘකා බවට පත්ව ඇත. සාහිත්‍ය සම්මාන උළෙලක සම්මාන පිරිනැමීම සම්බන්ධව කිසිවිටක මෙවන් චෝදනා සහ විවේචන ඉතිහාසයේ ප‍්‍රභල ලෙස ඉස්මතු නොවූ කාරණයක් විය. නමුත් වර්තමානයේ තරගකාරී සමාජය තුළ සාහිත්‍ය සම්මාන උළෙල පිළිබඳවද අසන්නට ලැබෙන්නේ සාහිත්‍ය වැනි දැණුම බුද්ධිමත් බව නිර්මාණශීලී බව පිරුණු පසුබිමක එවැනි වංචාකාරී බලපැම් සහිත සම්මාන ලබාගැනීම හෝ සම්මාන දීමට පෙළඹෙනවාය යන කාරණාය.

    Read more...
  • 06.09.2014
  • රවීන්ද‍්‍ර රන්දෙණිය මේ වනවිට රංගනයේ නොයෙදුනත් ඔහු සිනමාව සම්බන්ධ ජනාධිපති උපදේශකය. රවීන්ද‍්‍ර ට රසිකයින් ගොඩ නැගුනේ ඔහු සිනමාවේ දී ඉදිරිපත් කරන ලද එකිනෙකට වෙනස් රංගනයන් හේතුවෙනි.  රවීන්ද‍්‍ර ලංකාවේ සිනමාවට බිහිවූ දක්‍ෂතාවෙන් හෙබි රංගන ශිල්පියෙක් බව අවිවාදයකින් තොරව පිළිගැනේ . ජනාධිපති උපදේශකයෙක් වූ පසු රවීන්ද‍්‍ර කළ කී දේ පිළිබඳව ගැටළු ඇතත් ඔහු ට සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීම පිලිබඳව මිරර් ආර්ට්ස් සිය සතුට පළ කරන්නේ ඔහු මේතාක් දේශීය සිනමාව වෙනුවෙන් රංගන ශිල්පියෙක් ලෙස කරන ලද සේවය වෙනුවෙනි.  මේ අජිත් අලහකෝන් රවීන්ද‍්‍ර රන්දෙණිය සමග කරන ලද කතාබහකි.

    Read more...
  • 05.09.2014
  • ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වාල රීගල් මැජෙස්ටික් :අල්ට‍්‍රා එම්පයර් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ආකේඞ් හා තරංගනී යන කොළඹ සිනමාහල් හතරකදී පැවැත්වෙයි.මේ කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන එහි උළෙල අධ්‍යක්‍ෂ අශෝක හඳගම සමග කළ කතාබහකි.

    Read more...
  • 19.08.2014
  • අධිපතියාගේ මරණ මංචකය, පාදඩයා, පළිගු රැන, දවස තාම ගෙවුන් නෑ, බන්සි මැරිල නෑ, අපේ පංති කාමරය, රැකවලා, මාස්ටර් හැරල්ඞ්, පරන අයගේ කතාවක්, පුංචි ආදර බලකිරීමක්, පුතා එනකං, වෙස් මුහුණ, උතුරු කොනට පටු පාරක්, සුරගනක් ඇවිත්, සිංදු කිරිල්ලී, චේ ගුවේරා, ඔහු විසින් නිෂ්පාදනය කළ නාට්‍ය නිර්මාණයන්. ඔහු නාට්‍ය ක්‍ෂෙත‍්‍රය තුළ විවාදිත සේම හිතුවක්කාරී තරුණයෙක්. අගෝස්තු 22 ලයනල් වෙන්ඞ්ට් රගහලේ දී වේදිකා ගතවෙන දකුණු අප‍්‍රිකානු නාට්‍ය ශිල්පී Mick Van Graan ගේ Green Man Flashing නාට්‍යයේ පරිවර්තනයක්ප වූ ”හෙටක් නැති රටක්” ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණයයි. මේ ඒ නිමිත්තෙන් බුද්ධික දමයන්ත සමග කරන ලද සාකච්ජාවකි.

    Read more...
  • 19.08.2014

325