Home » කසු කුසු
  • නිළියක ට රගපෑමට අමතරව කරන්න වැඩ ගොඩක් තියෙනවා. නිවේදනන කටයුතු, වැඩ සටහන් ඉදිරිපත්කරන්නියන්, ගීත ගැයීම්, හඩ කැවීම්, නැටීම්, ක‍්‍රීඩා කිරීම් ආදි සකල විධ දේ කරන්නට අද සිටින බොහෝ නිළියන්ට, නළුවන්ට පුළුවන්.

    මේ නිසාම භාග්‍යා ට සිංදු කියන්නට ද පුළුවන්. ඒ මදිවට භාග්‍යා එෆ්. එම් නාලිකාවක දැන් අළුත් වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරයි. මෙහිදී භාග්‍යා පෙව්වතුන් සොයා ගැනීමේ අපූරු කි‍්‍රීඩාවක යෙදේ. මෙය නවතායේ චාර්ට් ගැහිල්ලකින් කරන්නා වූ සොයා ගැනීමකි.  මේ පිළිබඳව විමසූ විට භාග්‍යානම් කියන්නේ එයාටනම් චාර්ට් හදාගෙන පෙම්වතුන් සොයා ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි. 

    භාග්‍යට උවමනාවක් නැත්තම් ඇයි භාග්‍යට මේ විදිහෙ කතාවක් හැදුනේ. ඒ වෙන මොනවත් හින්ද  නෙමේ භාග්‍යා කටකාර ,එෆ් .එම් නිවේදිකාවක් ලෙස සුරවිමන ටෙලි නාට්‍යයේ ඇය කරන නිනීගේ චරිතය නිසයි. 

    භාග්‍යා සිංදු කිව්වෙනම් ඇත්තටම. ඒ ගැන භාග්‍යා කියන්නෙ මෙහෙම.

    ඔව්. ඒක ඇත්ත.අලුතෙන් සින්දුවක් කළා.'දියමන්ති මාලේ පැලැන්දූ දිනේ.... දුටුවාද වේදනාවන් මගෙ ඇස් දෙකේ’ ඒ ගීතය ලිව්වෙ සජිත් චතුරංග,මියුසික් කළේ දේශාන් නෝනිස්. මම රඟපෑ ටෙලි නාට්‍යවල ගීත කොටසුත් මං ගායනා කළා. ඒ හින්ද මට ගායන හැකියාවක් තියෙනවා කියල හුඟක් අය දැනගෙනයි හිටියෙ.
    සුරවිමනෙ නිනී ගැන කිවවෙ මේ විදිහට 

    යා දඟකාරයි. හරිම කටකාරයි.එයා එක හුස්මටම ඩයලොග්ස් කියවගෙන යන කෙනෙක්. එෆ්.එම් නාළිකාවක වැඩ කරන්නෙ. එයා පිරිමි ළමයින්ගෙ නම් චාට් එකක් හදාගෙන එයාට ගැළපෙනම මනමාලයව හොයනවා. ඇත්තටම නිනී හින්ද සමහර පිරිමි ළමයි මට කියනව ඒ ගොල්ලන්වත් ඒ චාට් එකට ගන්න කියලා.

    භාග්‍යාගෙ චාර්ට් එකේ ඉන්න  පිරිමි ළමය කවුරු වෙන්න පුළුවන්ද ?

    එහෙම කෙනෙක් නෑ. මම චාට් හදාගෙන පිරිමි ළමයි හොයන්නේ නෑ.මගේ ජීවිතේට එහෙම කෙනෙක් හම්බවුණාම මං හංගන්නැතුව කියන්නම්.

    මොන වගේ කෙනෙක්ද භාග්‍යා හොයනවා ඇත්තේ ? 

    මාව ආදරෙන් බලා ගන්නා කෙනෙක්.ආරක්ෂා කරන කෙනෙක්. මාව විශ්වාස කරන කෙනෙක්.

    එහෙම කෙනෙක් ඇත්තටම නැහැයි කියලා හිතනවද? 

    නෑ. තාම මගේ හිත ගිය කෙනෙක් නෑ. අම්මලත් මට එහෙම කෙනෙක් හොයනවා.

    කව්රුවත් භාග්‍යගෙන් අහළම නැද්ද? 

    එහෙම අයගෙන් ආරාධනා ලැබිල තියෙනවා. යෝජනා ලැබෙනවා. ඒත් මගේ හිත කැමැති කෙනෙක් හිටියෙ නෑ.

    එකට රඟපාන නළුවන්ගෙනුත් යෝජනා ඇවිත් ඇති?  

    එහෙම අයගෙනුත් යෝජනා ලැබුණා. ඒත් මං ඒ යෝජනාවලට අකැමැති බව කාරුණිකව කිව්වා. කොහොමටත් මං මගේ ක්‍ෂේත්‍රයේ කෙනකුට කැමැති නෑ.මං කැමැති කලාවට සම්බන්ධ නැති වෙනත් ක්‍ෂේත්‍රයක කෙනකුටයි.

    යෝජනා ප්‍රතික්‍ෂේප වෙනකොට කට්ටියට තරහත් එනව ඇති? 

     එහෙමත් වෙනවා. එක්කෙනෙක් තරහ වෙලත් ඉන්නවා. ඒත් එයා තේරුම් ගනියි මං ඒ යෝජනාවට අකැමැති වුණේ මගේ ආඩම්බරකමකට නෙවෙයි කියන එක.

    නළුවෙකුට බැහැ කිව්වහම රගපාද්දි අවුල් නැතිව ඇතිද? 

    නෑ. රඟපෑම මගේ වෘත්තිය. මං රඟපෑමට එකතු වෙන්නෙ පෞද්ගලික දේවල් හිතේ තියාගෙන නෙවෙයි.

    ඉස්සර ඉදල තිබිච්ච ගායිකාවක් වෙලා නිළිකම අත් අරියිද?  

    අපෝ නෑ. මේ විදිය හොඳයි. නිළියක් වීම ගැන මං සන්තෝසයි. ඒත් පුංචි කාලෙ මං හීන දැක්කෙ ගායිකාවක් වෙන්න. ඒ වෙනුවෙන් මං හැදෑරීම් කළා.පහුවෙලා හරි මගේම ගීයක් රෙකෝඩ් කෙළේ ඒකයි.

    ප්‍රසංග වේදිකාවටත් එයි වගේ  

    ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න මගේ කැමැත්තක් නෑ. මං සංගීතය ඉගෙන ගත්තෙ සිංදු කියල සල්ලි හම්බ කරන්න නෙවෙයි. මගේ රසවින්දනයට යමක් එකතු කරගන්න. මං රසවිඳින දෙයක් අනෙක් අයටත් ලබා දෙන්න. ඒක හොඳටම ඇතියි කියලයි මට හිතෙන්නෙ.

    Read more...
  • 10.08.2013
  • ප‍්‍රවීන රංගන ශිල්පිනියක් වන දුලිකා මාරපන පිලිබඳව පසුගිය කාලයේ විවිධ දේ ලියැවී තිබිනි. කෙසේ නමුඳු ඇය වේදිකාව සිනමාව සහ රුපවාහිනී නාට්‍ය කලාව දක්වන ලද දායකත්වය රංග කුශලතාව අති මහත්ය. මෙවන් දක්‍ෂතා ඇති දුලීකා ගායිකාවකද විය.ඇය ට ගී ගැයීමේ නිසග හැකියාවක් තිබිණි .නමුත් ඇය ඇයගේ දක්‍ෂතාවළින් ප‍්‍රයෝජන ගනු ලැබුවේ රංගන කුශලතාවන්ගෙන් පමණි.  දැන් ඇයට එය ද නිසි ලෙස කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබුනි.

    Read more...
  • 08.08.2013
  • නදීෂා හේමමාලිගේ උපන්දිනය එළැඹෙන 10වන දිනට යෙදී තිබෙනවා. ඇය මිරර් ආර්ට්ස් වළට සිය උපන්දිනය සැමරුම ගැන පැවසුවේ මේ ආකරයෙන් .

    "මම මේ සැරේ ප‍්‍රිය සම්භෘෂණ කිසිවක් පවත්වනනේ නැහැ. ජීවිතේ අපි දේවල් තේරුම් ගන්නකොට වෙනස් දේවල් කරන්න අපි කල්පනා කරන්න ඕනෙ".

    Read more...
  • 06.08.2013
  • මේනකා පීරිස් මෑත කාලීන නිළි පරපුරේ ජනප්‍රිය නිළියක්. ජනප්‍රිය චරිත විවිධ කටකතාවලට ලක්වීම සාමාන්‍ය දෙයක්. මේනකාත් විවිධ කටකතාවලට ලක්වී තිබෙනවා.මේ දිනවල ඇය ගැන අසන්නට තිබෙන අලුත්ම කටකතාව ටෙලිනාට්‍ය නිෂ්පාදන අංශ සමග ගැටුම් ඇති කර ගත් නිසා ඇයව ටෙලිනාට්‍ය දෙකකින් ඉවත් කළ බවයි.

    Read more...
  • 05.08.2013
  • පසුගිය සති අන්තෙ පුවත් පත්වල මලී ටෙලිනාට්‍යයේ රගපැ ශිල්පිණියක් "අත්තම්මා" නොහොත් 'මලී 2' හි නැත්තෙ ඇයි කියලා හේතු දැන්වීමක් කරලා තිබුණා. නමුත් කසු කුසුවලට දැනගන්න ලැබුනෙ වෙනත් කතාවක්.

    Read more...
  • 04.08.2013
  • නිල්මිණි තෙන්නකෝන්  ව නොදන්න කෙනෙක් නැහැ.ඇය වඩාත්ම ජනප‍්‍රිය වුනේ 'දූ දරුවෝ' ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතයෙන්. ඇය එහි විප්ලවකාරී තරුණියක් ලෙස රගපෑවා. අනතුරුව උදයකාන්ත වර්ණසූරියගේ 'ගේකුරුල්ලෝ'  ටෙලි නාට්‍යයෙත් අමතක නොවන  ප‍්‍රධාන චරිතයක් රගපෑවා. 'කුමාරයාණනි' සහ තවත් හොඳ ටෙලි නාට්‍ය කිහිපයකම ඇයට ප‍්‍රධාන චරිත  වලට දායකවන්නට අවස්ථාව ලැබුනා වගේම, ඇය කළ රංගනයන් උදෙසා ඇයට ටෙලි සම්මාන උළෙලයන් හි හොඳම නිළියට ද සම්මාන හිමිවුනා.

    Read more...
  • 03.08.2013
  • ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව. මේ නාලිකාවේ මුල් පුටුවලට වගකිවයුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට. ඒ අයට සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.

    Read more...
  • 02.08.2013
  • ජනප‍්‍රිය රංගන ශිල්පිණී සේමිනී මේ දිනවල ජනප‍්‍රිය සහ ප‍්‍රවීණ නළුවෙකු සමග කොළඹ නගරයේ තැන් තැන් වල සිටින බව ද විවාහකයකු ද නොවන මෙම රංගන ශිල්පියා සනත් ගුණතිලක බවද දැනගන්නට ලැබිණ. සනත්, සේමිනී සමග හුදකලාව මේ තැන්වල කාලය ගත කරන බවද දැනගන්නට ලැබුණ අතර සේමිනී පසුගිය කාලයක් පුරාම කාලය ගත කර තිබුනේද සනත් ගුණතිලක සමගය.

    Read more...
  • 30.07.2013
  • යුරේනි නොෂිකා පසුගිය කාලයේ තරමක කතාබහට ලක්වූයේ ජායාරූප ශිල්පියෙක් මාධ්‍ය වෙත නිකුත් කරණ ලදජායාරුපයකින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සිදුවූ බලපෑමක් නිසා ඇය කරණ ලද ප‍්‍රකාශ හේතුවෙනි. එය යටපත්ව ගොසිනි. දැන් යුරේනි නැවත මාධ්‍ය සමග සුහදව ගනු දෙනු කිරීමට පටන් ගෙන ඇත.

    Read more...
  • 28.07.2013

325