Home » කසු කුසු
  • පහුගිය කාලයේ තරුෂි පෙරේරා මාධ්‍ය වලට සිය අදහස් ප‍්‍රකාශ කරමින් කියලා තිබුනේ තමන්ගෙ අනාගත සහකරුවා හොයලා දෙන්න අම්මලට බාර දුන්නා කියලා .එහෙම කියලා ටික කලක් යනකොට තරුෂි මහරගම අලූත් රුපලාවන්‍යාගාරයක් විවෘත තළා. ඒකෙදි සුවිශේෂී තරුණයෙක් තරුෂී ළගින්ම හිටියා. මිරර් ආර්ට්ස් තරුෂිගෙ පෙම්වතාව මුළින්ම හඳුන්වලා දුන්නා. දැන් තරුෂිගෙ පෙම්වතා ස්වාමි පුරුෂයා බවට පත්වෙලා කියලා මිරර් ආර්ට්ස් වෙත දැනගන්න ලැබුණා. අපි තරුෂිගෙන් ඒ ගැන ඇහුවා.

    Read more...
  • 27.08.2013
  • ගයාන් සහ චතුරිකා ගේ සම්බන්ධය පිළිබඳව මාධ්‍ය විවිධ අයුරින් පුවත් වාර්ථා කරනවිට දෙදෙනාම එවැන්නක් නැතැයි පැවසීය. මේවා පෞද්ගලික කාරණා නිසා කිසිවකුට කිසිවකුගේ පෞද්ගලික ජීවිතවල ට එබී බලා නැති දේ ඇති කරන්නටත් ඇති දේ නැති කරන්නටත් හැකියාවක් නැත. එහෙත් බොරු කරන විට කියන විට ඒවා හංගා ගෙන සිටීමට නෙහැකිය. චතුරිකාගේ සහ ගයාන්ගේ ජීවිතවල සිදුවූ දේවල් මාධ්‍ය තුළ වාර්ථා වී තිබිණි. ඒවා දෙදෙනාම ප‍්‍රතික්ෂේප කළහ. එහෙත් ජීවිතවල ඇත්ත වසංකළ නොහැක. ගයාන් සහ චතුරිකාගේ පේ‍්‍රමය රහසක් නොවේ. චතුරිකා ගේ මෙම මාධ්‍ය සාකච්ජාව නොකියා කියන දේ බොහෝය. චතුරිකා යම් පසුබිමක් සොයයි. ඒ පසුබිම නිසි ලෙස සැකසුන විට ගයාන් සමග ජීවත්වන බව කියනු ඇත. එහෙත් අය දැන් ආරක්‍ෂාකාරී පිළිතුරු සපයයි. මේ ඇය සිනමා පුවත්පතකට ප‍්‍රකාශ කර ඇති අදහස්ය.

    Read more...
  • 22.08.2013
  • ෂෙරිල් ඩෙකර් හදිසියේම ප‍්‍රධාන චරිතය රගපාමින් සිටි ටෙලි නාට්‍යකින් ඉවත්වීම නිසා කතාබහට ලක්වූ දම්සාරි නැමැති ටෙලි නාට්‍යයේ ඇය කරණ ලද චරිතය වෙනුවෙන්, ජනප‍්‍රිය සම්මානයට පාත‍්‍රවූ නළියක වන නෙහාරා රගපාන්නට ඉදිරිපත්ව ව ඇත.

    Read more...
  • 16.08.2013
  • ජනප්‍රිය නළු රන්ජන් රාමනායකගේ විවාහය ගැන බොහෝ අය ඔහුගෙන් විවිධ අවස්ථාවල ප්‍රශ්න කොට තිබෙන බව ඔබ අප දන්නවා. රන්ජන් මේ ප්‍රශ්නය අහන හැම වෙලාවකදීම ඊට සාර්ථක පිළිතුරක් නොදී පැන යනවා.

    Read more...
  • 14.08.2013
  • මහේෂි මධුසංඛා සහ මේනකා මධුවන්ති මේ දවස්වල අපට හමුවන්නේ "චායා” ටෙලිනාට්‍ය තුළින්. සුජීව ප්‍රසන්නගේ "චායා” නවකතාව ඇසුරින් නිල්වලා ආයතනය නිෂ්පාදනය කළ සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ "චායා” සතියේ දින පහේම රාත්‍රි සිරස නාලිකාව ඔස්සේ විකාශය වෙනවා.ටෙලි නාට්‍යයේ මහේෂියි මේනකයි දෙන්නා වෛරක්කාරියෝ දෙන්නෙක්. දෙන්නම විශ්ව කොඩිකාරට ආදරය කරන හින්දයි මේ දෙන්නගෙ අමනාපයට හේතුව. සැබෑ ජීවිතයේ දී මහේෂියි මේනකයි අතර විරසකයන් ඇති වී ඇති බව අපට ආරංචි වුණා. ඒ විරසකයට හේතු වෙලා තියෙන්නෙ නම් විශ්ව නමෛයි. සමීර කිඳෙල්පිටිය කියන වේශ නිරූපණ ශිල්පියා. මේ ආරවුල දුර දිග ගිහින් වේශ නිරූපණ ශිල්පියාව නාට්‍යයෙන් ඉවත් කරලාලු. මේ අවුලෙ සුල මුල දැනගන්න අපි මේ හැමෝටම කතා කළා.

    Read more...
  • 13.08.2013
  • පබා යනු උපේක්‍ෂා ස්වර්ණමාලිය. ඇය මේ වනවිට ජනතාවගේ සර්වජන ජන්ද බලයෙන් පාර්ලි මේන්තුවට පත්වූ මන්ත‍්‍රී වරියකි. ඇයට මන්ත‍්‍රී වරියක් වන්නට තිබුණ එකම හේතුව පබාගේ චරිතය රගදැක්වීම පමණමය. කෙසේ වුවත් ඇය දන්නා දේශපාලනය කුමක්දැයි යන්න දෙරණ 360 වැඩ සටහනට සහභාගී වීමෙන් ගම්පහ ජනතාවට ඇය පෙන්වා දෙනු ලැබීය.

    Read more...
  • 12.08.2013
  • දිනක්‍ෂි ප‍්‍රියශාද් මේ වනවිට පුංචි තිරයේ ජනප‍්‍රිය නව යොවුන් රංගන ශිල්පිණියකි. ඇය ජනප‍්‍රිය සිනමා නළුවෙකු සමග පේ‍්‍රමයෙන් පැටලී ඇතැයි පසුගිය කාලයේ කටකතාවක් ද ජායාරූපද පළවී තිබිණ.

    Read more...
  • 11.08.2013
  • සනෝජා බිබිලේ කන්ද උඩරටින් සිනමාවට පැමිණි රංගන ශිල්පිණියකි. ඇය ක‍්‍රීඩිකාවකි. රාජ්‍ය ආයතනයක සේවය කරණ සේවිකාවකි. සනෝජා විවිධ කාලවල විවිධ පුද්ගලයන් සමග පැවැත්වූ පෙම් සබඳතා නිසා තරමක කතාබහනට ලක්විය. මෙරට ප‍්‍රභල දේශපාලනඥයකු සමගද සම්බන්ධයක් ඇති බව එකළ රට පුරාම කතාබහට ලක්විය. මෙවර සති අන්ත පුවත්පතකට ඇයගේ පේ‍්‍රම සම්බන්ධකම් හා ඇගේ ජීවිතයේ තනිකම පිළිබඳව ඇය සිය අදහස් ප‍්‍රකාශ කර තිබිණී. මේ එම සාකච්ජාවයි.


    රිදී තිරයේ පෙම්වතියගේ චරිතය රඟපා තිබෙන ඔබකැමරාවෙන් එපිටදී පෙම්වතියගේ චරිතය කීපාරක්‌ රඟපාලා තියෙනවාද?
    හතර පාරක්‌ මම පෙම්වතියක්‌ වෙලා තියෙනවා.

    ඔබේ පළමු ප්‍රේම කතාවෙන් අපේ කතාව පටන් ගත්තොත්?
    මම මුලින්ම ආදරය කරන්න පටන්ගත්තේ...... ඉස්‌කෝලේ යන කාලේ. මම පාසල් ගියේ මහනුවර උසස්‌ බාලිකා විද්‍යාලයට.ඒ කාලේ මම නවය පන්තියේ ඉගෙන ගත්තේ. ඒ කාලයේ තමයි පළමු ප්‍රේම සම්බන්ධය පටන්ගත්තේ. උසස්‌ පෙළ විභාගය ඉවර වෙනකම්ම ඒ ප්‍රේම සම්බන්ධය තිබුණා. ඊට පස්‌සේ මම කොළඹ ආවා. කොළඹ ආවට පස්‌සේ ඒ සම්බන්ධය මගේ අතින් නිකම්ම...... නිකං අතහැරිලා ගියා. ඇත්තටම එයා හොඳම කෙනෙක්‌. ඒ වගේ කොල්ලෙක්‌ ලැබෙන්න වාසනාවන්ත වෙන්න ඕනේ. මට එහෙම වාසනාවක්‌ තිබුණේ නැහැ.ඒක මගේ දෛවය. එයාට මගේ ලොකු ගෞරවයක්‌ තියෙනවා.ඒත්ග....අද ඔහු ජීවතුන් අතර නැහැ.

    ඔහු විවාහ වුණාද?
    ඔව්. මම ගැන ගොඩක්‌.............. හිතලා, හිතලා එයා දුක්‌ වෙලා තියෙනවා.....පස්‌සේ එයා විවාහ වුණා.ඒ ගෙදර අයත් අපේ සම්බන්ධයක්‌ තිබුණ බව දැනගෙන හිටියා. එයාගේ මිනිය බලන්න මම ගියේ නැහැ. මට ලොකු දුකක්‌ දැනුණා එයා මැරිලයි කිව්වාම.අපේ ගෙදරින් මේ සම්බන්ධයට ගොඩක්‌ විරුද්ධ වුණා. ඒ සම්බන්ධය නවත්වන්න මාව හොස්‌ටල් එකේ නැවැත්තුවා.ඉස්‌කෝලෙටත් මේ සම්බන්ධය අහුවුණා. ඒ සේරම මැද්දෙත් අපි ආදරය කළා. අන්තිමේදී දෛවය අපිට එකතු වෙන්න ඉඩක්‌ තිබ්බේ නැහැ.

    ඊළඟට මගේ පෙම්වතා බවට පත් වුණේ මුස්‌ලිම් ජාතික තරුණයෙක්‌.එයත් හොඳ ගතිගුණ තිබ්බ කෙනෙක්‌. ඔහු මට උපරිමයෙන් ආදරය කළා.

    ඔහු මගෙන් විවාහ වෙන්න ඇහැව්වා.ඒත් මම කැමති වුණේ නෑ.මොකද ඔහු මුස්‌ලිම් නිසා. ඊට පස්‌සේ මම යාළු වුණේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ එක්‌.ක.එයා කලා ලෝකයේත් ප්‍රසිද්ධ කෙනෙක්‌...........කලාකරුවෝ ගොඩක්‌ දන්න හඳුනන කෙනෙක්‌......... ඔහු විවාහ වෙලා, වෙන්වෙලා හිටපු කෙනෙක්‌ග. එයාගෙන් මට ආදරයටත් වඩා ආරක්‍ෂාව හම්බු වුණා. නිළියක්‌ වුණාම....නොමග යන්න තියෙන අවස්‌ථාව වැඩියි. එයා ඒවායින් මාව ආරක්‍ෂා කළා. මට ඒ කාලේ වාහනයක්‌වත් තිබුණේ නැහැ. එයා තමයි වාහනේ දීලා මාව ආරක්‍ෂා කළේ. මාව තනියෙන් කොහෙවත් යෑව්වේ නැහැ.එයා අදටත් මාත් එක්‌ක හොඳට කතා කරනවා. අපි දෙන්නා අතර අද සම්බන්ධයක්‌ නැති වුණත්, අදටත් මම උදව්වක්‌ ඉල්ලුවොත් ඔහු මට ඒ උදව්ව කරනවා.

    ආදරය, ආරක්‍ෂාව කියන්නේ ගැහැනියකට ආහාරයටත් වඩා වැදගත් දෙයක්‌. ඒ දෙකම ඔහුගෙන් ලැබිලත් ඔබ හා ඔහු විවාහ නොවුණේ ඇයි?
    ඇත්තටම මට විවාහ වෙන්න තරම් ඔහු සුදුසු කෙනෙක්‌ නෙමෙයි. ඒ නිසා ඒ සම්බන්ධයත් නැවතුනා.

    ඔබ ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නේ විවාහය ඉලක්‌ක කරගෙන නෙමෙයිද? ප්‍රේමයෙන් බැඳී වෙලී සිටියත් ඔබ විවාහයට අවස්‌ථාව එනවිට එය නුසුදුසු යෑයි තීරණය කරනවා. ඔබේ ප්‍රේමයවිවාහයකින් කෙළවර වීමේ ඉලක්‌කය නොමැති දෙයක්‌ද?
    ඒ කාලේ මම විවාහ වෙන්න හිතලා නැහැ. මම යාළුවෙච්ච හැම කෙනෙක්‌ එක්‌කම විවාහ වෙන්න හිතල නැහැ. ඒකට කාලය නෙමෙයි කියලයි මම හිතුවේ. මම ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කරගන්නේ ප්‍රේම කරන්න ඕනෙ නිසා. එහෙම නැතුව විවාහ වෙන්න ඕනේම කියලා හිතාගෙන නෙමෙයි.

    ඊට පස්‌සේ?
    ඊළඟට මම යාළු වුණෙත් විවාහ වෙච්ච කෙනෙක්‌ එක්‌ක.එයා රට ගියාට පස්‌සේ ඒ සම්බන්ධයත් එහෙම්ම නතර වෙලා ගියා. එදායින් පස්‌සේ මේ වෙනකං කිසිම කෙනෙක්‌ එක්‌ක කිසිම කිසිම සම්බන්ධයක්‌ නැහැ.

    නිසිකල වයස පිරෙනකොට ගෙදරින් සමාජයෙන් අහනවා, ඇයි ඔබ තනිවෙලා කියලා.
    අම්මා තමයි ඒ ගැන කියන ප්‍රධාන එක්‌කෙනා. එයා මම රඟපානවටත් විරුද්ධ වුණා. උඩරට පැලැන්තියේ අය විදිහට නෑයොත් එහෙමයි හිතුවේ. මම මිස්‌ ශ්‍රී ලංකා වුණාම අම්මී ඒකට ගොඩක්‌ ආස වුණා.ඊට පස්‌සේ ටිකෙන් ටික අම්මිල මම රඟපානවාට කැමති වුණා. ඒ අය නිතර නිතර කිව්වේ බඳින්න කියලා.ඒත් ඒක අද වෙනකං වුණේ නැහැ.

    සම වයසේ මිතුරියන් සැබෑ ජීවිතයේ මනාලියන් වෙනවා. ඔබ තිරයට පමණක්‌ මනාලිය වෙනවාග මේ කාලයේදී හිතුනේ නැද්ද මංගල තෑග්ග, ගත්තොත් හොඳයි කියලා ?
    ඒක මගේ දෛවය. මම හිතල කරන දේවල් නෙමෙයි.

    අද ජීවතුන් අතර නැති හිටපු ප්‍රබල දේශපාලන චරිතයක්‌ සමග ඔබේ සම්බන්ධතාවයක්‌ තිබුණායි කියලා කට කතාවක්‌ පැතිරී තිබුණා?
    කිසිම දේශපාලනඥයෙක්‌ එක්‌ක මම ඒ වගේ සම්බන්ධයක්‌ පවත්වලා නැහැ. මට ඒක බය නැතුව කියන්න පුළුවන්. මම වැඩ කරන්නේ රාජ්‍ය ආයතනයක.එතකොට ඇමැතිවරු සමග රාජකාරි කරන්න වෙනවා. ඒ නිසා කටකතා පැතිරෙන්න පුළුවන්. හැබැයි මෙතුවක්‌ කල් මම කිසිම ඇමැතිවරයෙක්‌ එක්‌ක යාළුවෙලා නැහැ. හැබැයි ඇමැති කෙනෙක්‌ එක්‌ක යාළු වෙන්න තිබුණා නම් මම ඒකට ආසයි.

    ඇමැති කෙනෙක්‌ ස්‌වාමිපුරුෂයා කරගන්න ඔබ කැමති ඇයි?
    නැහැ මම ඇමැති කෙනෙක්‌ බඳින්න කැමති නැහැ මොකද ඔහුට ලොකු පවුල නෙමෙයි.දේශපාලනය. එහෙම කෙනෙක්‌ එක්‌ක යුග ජීවිතයක්‌ ගෙවන්න අමාරුයි.

    ඔබට පවුල් ජීවිතයක්‌ ගත කරන්න ඕනේද?
    ඇත්තටම මම ආසයි කසාද බඳින්න. ඒක මට ඕනෙ වෙලා තියෙන්නේ දැන්. විවාහ වෙලා මේ චිත්‍රපට ලෝකයෙනුත් අයින් වෙලා ගෙදරට වෙලා හොඳ පවුලක්‌ ගත කරන්න මම ආසයි.දඟකාර සෙල්ලක්‌කාර කාලේ මට කසාද බඳින්න කිසිම වුවමනාවක්‌ තිබ්බේ නැහැ. ඒත් දැන් මට විවාහ වෙන්න ඕනෙ වෙලා තියෙනවා.

    මෙතුවක්‌ කල් නුවමනාවක්‌ වූ විවාහය,දැන් ඔබේ වුවමනාවක්‌ වෙන්නේ ඇයි?
    දැන් මට තනිකම දැනෙනවා.ගමනක්‌ යනකොට, උත්සව වලදී,ගොඩක්‌ අය ඒවාට ඇවිල්ලා ඉන්නේ තමන්ගේ මහත්තයත් එක්‌ක. මම යන්නේ තනියම. එතැන ඉඳලා මට හැම තැනකදීම තනිකමක්‌ දැනෙනවා. ප්‍රශ්නයක්‌ වුණාම මට කියන්න කෙනෙක්‌ නෑ.එතකොට මට තනිකමක්‌ දැනෙනවා. මම ගෙදර ඉන්න වෙලාවට මට මාර තනිකමක්‌ දැනෙනවා. මම ඇඳට ගියාමත් මට ලොකු තනිකමක්‌ දැනෙනවා.ඒ තනිකම...... මට හරියට දැනෙනවා.

    ඒ තනිකම මකාගන්න මේ වෙනකොට ඔබ කා සමග හෝ ප්‍රේමයෙන් බැඳී සිටිනවාද?
    නැහැ..... මම තනිකම මකාගන්න තමයි මේ දවස්‌වල ඉගෙන ගන්නේ. අපේ ඉගෙන ගන්න කාලේ ඉවර වුණත්ග.මම දැන් උපාධිය කරනවා. මම ඒකට ගොඩක්‌ ආසයි. ඒ මගේ තනිකම නිසා.

    ඔබේ කේන්දරේ විවාහය ලියවිලා තියෙන්නේ කොහොමද?
    මම ගඔය කේන්දර ගණන් ගන්න කෙනෙක්‌ නෙමෙයි. ඒත් අපේ අම්මි ඒවා විශ්වාස කරනවා. කේන්දරේ තියෙන්නේ මගේ විවාහය ගොඩක්‌ ප්‍රමාද වෙනවා කියලා. ඒත් අවසානයේදී බොහොම හොඳ කෙනෙක්‌ මුණගැහෙනවා කියලත් තියෙනවා. ඒත් ඒ අවසානය කොහොම වෙයිද කියලා නම් මම දන්නේ නැහැ. ගිය ආත්මේ මම කරපු පවක්‌ නිසා තමයි මේ ආත්මේ විවාහය මට ලැබිල නැත්තේ කියලා මම හිතනවා.ඒ නිසා මම කවදාවත් පවුලක්‌ කඩන්නේ නැහැ.බැඳපු කෙනෙක්‌ එක්‌ක මම විවාහ වුණත්,එතන තියෙන ප්‍රශ්නය මොකක්‌ද කියලා බලලයි මම විවාහ වෙන්නේ.

    මම බොහොම සරල ජීවිතයක්‌ ගත කරන කෙනෙක්‌. මට දැන් විවාහ සඳහා කාලයක්‌ ගත කරන්න වෙලාවක්‌ නැහැ. දැන් ජීවිතයේ මැද භාගයට ඇවිල්ලා ඉවරයි.


    ඔසිත අත්තනායක

    Read more...
  • 11.08.2013

325