Home » කසු කුසු
  • දිනක්‍ෂී ප‍්‍රියශාද් ගෙ උපන්දිනයයෙදී තිබුනෙ මාර්තු 18දිනයි. උපන්දිනයේ දී වෙබ් මාධ්‍ය වල ඇය සම්බන්ධව පළවී තිබුනේ "දිනක්ෂි ප්‍රියසාද්ට 18දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි "යන්නයි. එමෙන්ම මෙසේ ඇයට සී.අයි.ඩී.යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියකට බවද පවසා තිබිණ

    චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ක්ලයිව් මාර්ටිනස් ගේ බිරිඳ බෙරිල් විසින් සිය සැමියා සමඟ නිෂ්පාදනය කරන ලද Double Trouble චිත්‍රපටය ට ලැබීමට තිබූ මුදලක් ලබා නොදීම හා අදාල චිත්‍රපටය  DVD තැටිගතකර විකිණීමට බොරලැස්ගමුවේ දිල්ෂාන් එන්ටප්‍රයිසස් නැමැති සමාගමට ලබාදී, ඊට අදාල මුදල්ද තමාගේ සැමියාට නොදීම යන කාරණාව සම්බන්ධනේ කරණ ලද පැමිණිල්ලකට දිනක්ෂිට මේ කැඳවීම ලැබී තිබේ.

    Read more...
  • 19.03.2014
  • යකඩ පොල්ලකින් පහර දී ව්‍යාපාරිකයෙකුගේ පාදයකට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවට එජනිස හිටපු පළාත් සභා මන්ත්‍රී මෙවර අපේක්ෂක සහ නළුවෙකුද වන රොජර් වැන්ඩර්වෝල් හෙවත් රොජර් සෙනෙවිරත්න වරදකරු කළ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න බරපතළ වැඩ සහිත දෙවසරක සිරදඩුවමක් ද රුපියල් 3500 ක දඩයක් ද ලක්ෂ දෙකක වන්දියක්ද නියම කළායග සිර දඩුවම පසුව වසර 5 ක් දක්වා අත්හිටුවීය.

    Read more...
  • 26.02.2014
  • පසුගිය කාලයේ ප‍්‍රංශයේ ජනාධිපති වරයාFrancois Hollande  ප‍්‍රංශ නිළියක් සමග සම්බන්ධයක් පවත්නවා කියලා ලෝකය පුරාම ජනප‍්‍රිය මාතෘකාක් ලෙස ප‍්‍රචලික වුනා. එහි ඇත්තක් නොතිබ්බාම නොවේ. ඒ නිසා එතෙක් කලක් එකට ජීත්වුන ඔහුගේ මිතුරිය අසනීපවී රෝහල් ගතවන්නටත් සිදුවූ බවයි ප‍්‍රංශ මාධ්‍යම පැවසුවේ. නමුත් ප‍්‍රංශ ජාතිකයින්ට පේ‍්‍රම සබඳකම් පිළිබඳ විශාල පුදුමයක් නැහැ. ඒ ඔවුන් නිදහස් මතධාරීන් නිසා වන්නට ඇති.

    Read more...
  • 11.02.2014
  • පියුමි ගැන විවිධ කතා පැතිරුණා. ඇය දික්කසාද වූ බව මාධ්‍ය සඳහන් කරලා තිබුණා. නමුත් ඒක ස්ථිර කළ යුත්තෙ පියුමි. ඉතින් පියුමි පුවත්පතකට ඇගේ දික්කසාදය පිළිබඳව හෙලිදරව් කරලා තිබුණා.

    Read more...
  • 08.02.2014
  • ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ වූඩි ඇලන් ළමා වියේදී තමන්ට ලිංගික අතවර කළ බව ඔහු හදා වඩා ගත් දියණිය ඩිලන් ෆරෝ විසින් නැවතත් චෝදනා කළාය.

    හදා ගත් දියණිය නගන එම චෝදනාව චිත්‍රපට අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කරයි.

    Read more...
  • 06.02.2014
  • නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් සමග සම්බන්ධකම් පවත්වන ලද ජනාධිපතිවරු ඉතිහාසයේ සිට අපට අසන්නට ලැබේ. කෙනඩි ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූ යේ මැරලින් මොන්රෝ සමග පැවැත්වූ සම්බන්ධය හේතුවෙනි. එමෙන්ම ඉතාලියේ ද මෙවැනි සබඳකම් නිසා එරට ප‍්‍රධානීන්ට එල්ලවූ චෝදනා සුළුපටු නොවීය. එටක් පාලනය කරන ප‍්‍රධානියා නිළියක හෝ මෝස්තර නිරූපිකාවක සමග සම්බන්ධකම් පැවැත්වීම ලෝකය පුරා ලැව්ගින්නක් මෙන් පැතිර යන්නේ එම තනතුරද අභියෝගයකට ලකකරමිණි.

    Read more...
  • 19.01.2014
  • 'සෙංකොට්ටන්' පසුගිය වසරේ සියළුම සාහිත්‍ය සම්මාන උළෙලයන් හිදී හොඳම නවකතාව ලෙස සම්මානය දිනාගත් ප‍්‍රසාද් මස්ඉඹුලගේ නවකතාවයි. මේ නවකතාව සහාහිත්‍ය සම්මාන රැසක් දිනාගත් නිසාම බොහෝ ටෙලි- සිනමා නිර්මාණකරුවන්ගේ ද අවධානය දිනාගන්නා ලදී. මේ පොත ලබාගැනීමට කිහිප දෙනෙකුගේම කැමැත්ත තිබුණත් 'සෙංකොට්ටන්' ලබාගැනීමට වාසනාවන්ත ව ඇත්තේ රවීන්ද‍්‍ර රන්දෙණිය නම් වූ ප‍්‍රවීණ රංගණ ශිල්පියාය.

    Read more...
  • 19.01.2014

  • සමහර ජායාරූප තිබෙනවා වචන වලින් විග‍්‍රහ කරන්න අමාරු හැගීම් ප‍්‍රකාශ වෙන අවස්ථා. ඒ වෙලාවට හොඳම දේ ඒ ජායාරූප විඳගන්න දෙන එක. මේ ඉන්දියාවෙ මැතකදිම පවත්වන ලද The Life OK Screen  සම්මාන රාත‍්‍රියෙදි සිදුවුන අපූරු මුණගැසීම් සහ සිදුවූ අපූරු සිදවීම්.

    Read more...
  • 16.01.2014
  • කලාවට සම්බන්ධ කව්රුහෝ අයෙක් සිය දිවි නසා ගන්නවාය යනු තරමක බරපතල කාරණයකි. මක්නිසාද මෙවැනි වෘත්තීන් හි යෙදෙන අයට ජීවිතය පිළිබඳ සාමාන්‍ය මිනිසුන්ට වඩා යම්කිසි අවබෝධයක් ජීවිතය පිළිබඳ තිබෙනවාය කියන කාරණය මතය. ඉරිදා රාත‍්‍රියේ


    තෙළිගු සිනමාවේ ජනප‍්‍රියනළුවකු වන උදේ කිරන්, ශ‍්‍රී නගර් හි පිහිටි සිය නිවසේ දීගෙල වැළලා සිය දිවි නසාගෙන තිබේ .ඔහුගේ බිරිඳ පෞද්ගලික අවශ්‍යතාවකට වෙනත් නගරයකට පිටව ගොස් සිටි මොහොතක ඔහු මෙසේ සිය දිවි නසාගෙන ඇති බව 'ද හින්දු 'පුවත්පත වාර්ථා කර තිබිණ.

    කිරන් 1980 ජනවාරි 26 ඉපැදී ඇත.ඔහු විවාහවී ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඔහුගේ දිගු කාලීන මිතුරිය ක වූ විශිතායි. ඔහු ගෙලිගු සිනමාවේ ජනප‍්‍රිය නළුවෙකි.

    විශීතා රාත‍්‍රියේ ඔහුට දුරකථන ඇමතුම් දුන්නද ඔහු දරකථනයට පිළිතුරු නොදුන් නිසා පුදුමයට පත්ව ඇති නිශීතා රාත‍්‍රියේම ඔහු සොයා පැමිණ ඇත . අනතුරුව අසල්විසයන් සමග ඔහු සොයාබලද්දි ඔහු සිය කාමරයේ ගෙල වැළලා සිටිනු සොයාගෙන ඇත. ඇය ඔහුව රෝහල වෙත වහාම ගෙන ගියද ඒ වනවිටත් උදේ මිය ගොස් සිටි බව වෛද්‍යවරු ප‍්‍රකාශ කර තිබේ. 

    උදේ ගේ මෙම සියදිවි නසාගැනීම කොලිවුඞ් සිනමාවේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් සහ සහෝදර ශිල්පීන් පුදුමයට සහ කම්පනයට පත්කරන්නක් ව තිබේ.

    Read more...
  • 06.01.2014
  • උපේක්‍ෂා ස්වර්ණමාලි පසුගිය දිනක පුවත්පතකට කියලා තිබුනා එයාගෙ පෙම්වතා අකලංකට වඩා කඩවසම් කියලා. ඉතින් මේ පෙම්වතා ගැන තොරතුරු පස්සෙ කියන්නම් කියලත් කියලා තිබුණා ඒ පුවත් පත් සාකච්ජාවේ. මිරර් ආර්ට්ස් කියවන අය ඕප දූප වලට එතරම් වහ නොවැටුනත් එහෙන් මෙහෙන් ඇහෙන ඒත් නිවැදි තොරතුරු ඇති කසු කුසු බලන්න කියවකන්න කැමතියි. උපේක්‍ෂගෙ අළුත් පෙම්වතා ව්‍යාපාරිකයෙක්. ඔහු ගෙ නම නිසල් . මේ ව්‍යාපාරික පෙම්වතාට සපත්තු කඩ දෙක තුනක්ම පිටකොටුවෙ තිබෙනවාලූ. නිසල් රත්තරං තිලක් කියන නමින් වූ අයෙක් ගෙ ඥාති පුතෙක් ලූ.  උපේක්‍ෂා මේ වසරෙ නිසල් නම් වූ ඇගේ පෙම්වතා සමග විවාහ වන බවක් පවසා තිබෙනවා. නව වසර උපේක්‍ෂාට ජයග‍්‍රාහී වසරක් මෙන්ම උපේක්‍ෂාගේ ජීවිතයෙ නැවුම් අපේක්‍ෂා මල් ඵල දරණ වසරකුත් වේවි.

    සබැඳි පුවත්  http://mirrorarts.lk/gossip/item/523-

    Read more...
  • 05.01.2014

325