Home » කසු කුසු » සනත් ගුණතිලක නරියෙකු බව නිරෝෂා ප‍්‍රසිද්ධියේ පවසයි

සනත් ගුණතිලක නරියෙකු බව නිරෝෂා ප‍්‍රසිද්ධියේ පවසයි

  • Thursday, 12 March 2015 10:38

 'සිනහව  අතරින් කඳුලක් උපන්නා' ගීතය මිල්ටන් මල්ලවආරච්චිගේ ජනප‍්‍රිය ගීතයකි. සනත් ගුණතිලක සිය දෙවන සිනමා අධ්‍යක්‍ෂණය නම් කර ඇත්තේ 'සිනහව අතරින්' යනුවෙනි. මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් වලදී සනත් මහන වන කාරණය අරඹයා මෙරට මාධ්‍ය ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබාදුන්නේ සනත් සැබැවින්ම ගිහි ජීවිතය අත්හැරගියා හා සමානවය.

නමුත් ඒ මාධ්‍ය ප‍්‍රචාරණයේ එක් අවස්ථාවක් පමණය. දැන් සනත් සහ සුනිල් ටී නිෂ්පාදක අතර සුහද මෙන්ම අවබෝධයෙන්, සම්මුතියෙන් යුතුව විරසකයක් මෙන් එකිනෙකා අරඹයා ප‍්‍රකාශ නිකුත් කරගනිමින් යන ආකාරයක් මාධ්‍ය තුළින් දකින්නට, කියවන්නට පුළුවන. මේත මාධ්‍ය ප‍්‍රචාරණයේම තවත් වෙනසකි.

සනත්ගේ සිනහව අතරින් චිත‍්‍රපටය ගැමුණු අවසන් වනවිට ප‍්‍රදර්ශණයට සූදානම්ය. මේ නිසා මේ වනවිටත් විද්්‍යුද් මාධ්‍ය තුළින් සනත් සහ ඊට සම්බන්ධ විවිධ ශිල්පීන් ගේ  සුහද හමු දක්නට හැකිය. මෑතකදී සනත් සහ සනත්ගේ 'සිනහව අතරින්' චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂිකා නිරෝෂා විරාජිණී දායක වූ වැඩ සටහනක් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක විකාශය විය.

එහිදී නිරෝෂාගේ සංගීත ජීවිතයේ සුවිශේෂී අවස්ථා ගැන සාකච්ජා කරමින් සිටි අතරතුර නිරෝෂා සනත්ගේ කැමතිම රංගන අවස්ථාව පිළිබඳ ව ද පැවසීය. නිරෝෂා සනත් ගුණතිලකගේ රංගනය සමාන කළේ කැලේ කපටි රජා වූ නරියාගේ හැසිරීම් වලට සමාන කොටය. සනත් ට නිරෝෂා සජීවීව නරියා කීම පිළිබඳව සනත් කිව්වේ 'දැන් ඉතින් හැම තැනම සනත් ට නිරෝෂා නරියා කව් බව ප‍්‍රසිද්ධ වනු ඇති බවයි'. සනත් කව්ද යන්න මෙරට සිනමාවේ සහ දේශපාලනයේ බොාහෝ අය දන්නා කරුණකි.

සිනහව අතරින් අධ්‍යක්‍ෂ සනත්ට සහ සංගීත අධ්‍යක්‍ෂ නිරෝෂා ට දිගු ගමනක් යන්නට සුබ පතන්නෙමු

325