Home » කසු කුසු » සේමිණී හදිසියෙන්ම විදෙස් ගතවෙයි

සේමිණී හදිසියෙන්ම විදෙස් ගතවෙයි

  • Tuesday, 02 December 2014 15:17

සේමිණී ඉද්දමල්ගොඩ චරිතාංග රංගන ශිල්පිණීයක් මෙන්ම ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් ද වේ. සේමිණී වඩාත් කැමැත්තක් දක්වන්නේ සිනමා රංගනයටය. ඇය පසුගිය කාලයේ රංගනයට අමතරව නිෂ්පාදකවරියක් ලෙසද සිනමාවට දායක විය.

ඒ ප‍්‍රසන්න ජයකොඩි විසින් නිර්මාණය කරන ලද 28 චිත‍්‍රපටයටය. සිනමාවට එවන් දායකත්වයක් ලබාදුන් සේමිණී හදිසියෙන්ම විදෙස් ගත වන්නට තීරණය කොට ඇතිබව මිරර් ආර්ට්ස් වෙත දැනගන්නට ලැබුණි. ඒ ඇය නිෂ්පාදනයයෙන් දායක වූ 28 ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් ආසියානු අන්තර්ජාතික සිනමා උළෙල වෙනුවෙන් 28 තරගකාරී අංශයෙන් තෝරාගෙන ඇති නිසාය.

මෙම උළෙල සඳහා චිත‍්‍රපට 400කට වඩා වැඩි ප‍්‍රමාණයක් ඉදිරිපත්ව තිබී ඇත. මෙහිදී මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා සඳහා නිර්දේශවී ඇති අතර ඔහුත් සමග තවත් නළුවන් දෙදෙනෙකු නිර්දේශ වී තිබේ. ප‍්‍රසන්න ජයකොඩි හොඳම තිර රචනාව සඳහා නිර්දේශ ව තිබේ. මෙම බි‍්‍රස්බේන් ආසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ මහේන්ද්‍ර ට උත්සව සභාව ඇමතීමේ අවස්ථාවක්ද හිමිවී ඇති බව දැනගන්නට ලැබුණී. මෙම උළෙල සඳහා සේමිණී, මහේන්ද්‍ර සහ අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න ජයකොඩි දෙසැම්බර් මස 05 දින ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්විමට නියමිතය.

http://www.asiapacificscreenacademy.com/apsa-archive/apsa-nominees-winners/nominees-winners-archive/?nomyear=680&nomcat=17&winner=17&country=17&Submit=Submit#.VH3fFjGUde9

325