Home » කසු කුසු » නිළියක් සිය මංගල්ලය විකුණලා

නිළියක් සිය මංගල්ලය විකුණලා

  • Monday, 11 August 2014 06:58

අද කාලෙ නළුවෙක් බැන්දත් ,නිළියක් බැන්දත් ,ක‍්‍රිකට් තරුවක් බැන්දත්, ගායක ගායිකාවන් බැන්දත් ටෙලිවිෂන් චැනල් මේ මගුල තමන්ගේ විවාහ මංගල වැඩ සටහන් වල පෙන්වන්නට පොරකන්නේ නිකන් නොවේ. සමහර නාලිකා මංගල්ලෙට එන නළු නිළියන් පවා ඉන්ටර්වීව් කරමින් මෙම විවාහ මංගල්ල විකාර බවට පත් කරති.

මේවාට දැන් මේ කලා ලෝකයේ තරුද පුරුදු වී සිටින්නේ තම ජීවිතයේ ප‍්‍රථම මගුල ට හොඳ ප‍්‍රචාරයක් ලබා ගැනීමේ පරමා්ර්ථයෙනි. විවාහ ජීවිතයක ඇති පරමාර්ථ වලට හරයන්ට වඩා දැන් ඇත්තේ ශෝබන මංගල්ල සහ රූපවාහිනීචැනල් මගුල්ය.

මේ අතර  සිය මංගල්ලය විකූනගෙන කන්න හදනවාය යන්න විශාල චෝදනාවක් අපගේ ජනප‍්‍රිය නිළියකට එල්ල වී ඇත. ඒ ජනප‍්‍රිය නිළිය වෙනින් කව්රුත් නොව දුලීකා මාරපණය. දුලීකා මනමාලියක ලෙස පෙනී සිටින ජායාරූප පුවත් පත්වල මෙන්ම ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ද වේගයෙන් ජනප‍්‍රිය විය. බොහෝ අය සිතුවේ දුලීකා සැබැවින්ම විවාහ වන්නට යන බවය. එය ඉදිරියේදී සිදුවිය හැකිය. නමුත් මේ මොහොතේදී සිදුවන්නේ "ලෝරන්ගෙ මනමාලි "වන්නට දුලීකා සූදානම් වීමයි. ඉතින් දුලීකා ට සමහරු දෝෂාරෝපණය කර ඇත්තේ දුලීකා මගල විකුණාගෙන කන බවකි. කෙසේ වුවත් දුලීකා තව දින දෙකකින් ලෝරන්සේගේ මනමාලි සමග මනමාලියක වනු ඇත.

https://www.youtube.com/watch?v=mbFJ7hxrBI4

325