Home » කසු කුසු » චන්දික 2018 පාර්ලිිමේන්තුවට

චන්දික 2018 පාර්ලිිමේන්තුවට

  • Sunday, 06 July 2014 07:18

හිරු ටී.වී හි 'ස්නේහා' ස්වාධීන රූපවාහිනියෙන් 'වාසුලිකන්ද' සහ දෙරණ නාළිකාවේ 'දේදුනු' සිරස ටී.වී.හි 'සිත්තරාවී' කියන ටෙලිනාට්‍ය කිහිපයෙම චන්දික නානායක්කාර රගපානවා.මේ වනවිට වෘත්තියෙන් රංගන ශිල්පියෙක් ව සිටින චන්දික රංගන ශිල්පිකේ වීම සහ සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු සති අන්ත පුවත් පතකට හෙළිි කරලා තිබුණා.

රංගන ශිල්පියෙක් වීම ගැන අවංකවම ආඩම්බර වෙන බවත් රංගනයේදී ඔහු බොහොම තෘප්තිමත් නළුවෙක් බවත් ප‍්‍රකාශ කරලා තිබුණා . ඒකට හේතුව ලෙස ඔහු දක්වලා තිබුනෙ මෙවැනි අදහසක්

'මොකද රංගනය කියන වෘත්තිය හරියට සතුටු වෙන්න පුළුවන් කලාවක්. මිනිසුන්ගේ ආදරයට ගෞරවයට නිබඳවම අපි පාත්‍ර වෙනවා‍.ඒ වගේ ම හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න පුළුවන් වෘත්තියක්'.

චන්දික රංගනයට එන්නෙ සිරස විසින් පවත්වන ලද තරුමංසල වැඩ සටහනින් ආධුනිකයෙකු ලෙසයි . ඔහු ෙක්‍සත‍්‍රයට පිවිසි මුල් කාලයේ වඩාත්ම දායකත්වයක් ලබා දුන්නෙ පෙම්වතාගෙ චරිත වලටයි මේ වෙනකොට චන්දික ට පෙම්වතා ගෙ චරිත වලින් දුරස්ව වැඩිහිටි චරිත කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. මේ සම්බ්නධයෙන් චන්දික ගෙ අදස් මේ විදිහට ප‍්‍රකාශ කරලා තිබුනා .

'මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක එක හමාරකට ආසන්නයි. ඒ කා‍ලයේදී මම මගේ ජනප්‍රියත්වය හදාගත්තා.පෙම්වතා ලෙස රඟපෑවා.කොහොමත් ඔය කියන ඕලාරික සාමාන්‍ය පෙම්වතාගේ චරිත රඟපාන්න මට දැන් ආසාවක් නැහැ.මම කැමැති චරිතාංග නළුවෙක් වෙන්න.ක්ෂේත්‍රයට එන කාලේ ඕනම තරුණ රංගන ශිල්පියෙක් ගේ ආශාව තමා ඒ ක්ෂේත්‍රයේ ජනප්‍රියවීම සහ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට පදනම දා ගැනීම.ඒ දේවල් මම ක්ෂෙත්‍රයට ආ මුල් කාලේ කළා.ටෙලිනාට්‍යවල පෙම් කරපු කාලෙ දැන් ගියා. දැන් අපි අයියල වෙලා.දැන් පෙම්වතුන් ලෙස අලුත් මල්ලිලා ක්ෂේත්‍රයේ ඉන්නවා.මම කැමැති මගේ අනන්‍යතාවයට ගැළපෙන චරිත රඟපාන්නයි'.

චන්දික ට මේ වෙනකොට ප‍්‍රසිද්ධ පෙම්වතියක් නැහැලූ නමුත් ඔහු ආදරේ සම්බන්ධව සිය අර්ථ දැක්වීම කර තිබුනේ මේ ආකාරයෙන්

'මිනිසුන් විදිහට අපිට අවශ්‍ය ජීවිතයට නැතුවම බැරි දෙයක් තමයි ආදරය. මට නම් ආදරේ ඇතිවෙන්නම ලැබෙනවා.මොකද මුළු රටක් ම ආදරේ කරන නිසා.
මට නම් එවැනි සබඳතා ඇතිවෙලා නැහැ.අනේ මං දන්නැහැ මොකක්ද හේතුව සීමාව පන්නලා කා සමඟවත් වැඩි ඇසුරක් මගේ නැහැ. ඒත් ඉදිරියේදී නම් කියන්න බැහැ.ඒ සීමා මායිම් කඩාගෙන යන වෙලාවක් එන්න පුළුවන්. මොකද අපි පෘතග්ජන මිනිසුන්නේ.

මම කිසිම දවසක කියලා නැහැ විවාහ වෙන්නේ නැහැ කියලා.මම විවාහ වෙනවා.විවාහය කියන එක කෙනෙක් ගේ ජීවිතයේ කවදා කොතැන කොහොම සිදුවෙනවද කියලා කියන්න බැහැ.ඒ සඳහා අවශ්‍ය කරන දේවල් බොහොමයක් තිබෙනවා. සමහ‍රෙකුට ඒ දේවල් තරුණ කාලෙදිම ලැබෙනවා.මගේ විවාහයක් නිසි කලට සිදුවේවි.

මම කිසිම දෙයක් පේ‍්‍රමය තුළ බලාපොරොත්තු වෙන්නේ නැහැ.මම එක දෙයයි ඇගෙන් බලාපොරොත්තුවෙන්නේ.මම තරමක් අමුතු විදිහට හිතන පතන කෙනෙක්.ඇය ‍ඒ දේ තේරුම් ගත්තොත් මම තරම් හොඳ පෙම්වතෙක් ඇයට ඇත්තේ නැහැ කියලයි මම හිතන්නේ. මම වැරැදි වැඩ කරන කෙනෙක් නෙමෙයි. පවුලට නරකක් කරන කෙනෙක් නෙමෙයි.මාව හරියට තේරුම් ගැනීම පමණයි ඇගෙන් මා බලාපොරොත්තු වන්නේ'.

චන්දික නානායක්කාර දේශපාලන චරිත අතිශය සමීපව ඇසුරු කරන කෙනෙක් මේ නිසා ඔහුට දේශපාලනයට එන්න ඇති වටපිටාව පහසුයි මේ පිළිබඳව ඔහු ගේ ප‍්‍රකාශය
දේශපාලනයට අනිවාර්යයෙන් ම යන බව මගේ කේන්දරේ කියලා තියෙනවා. මම ඒ ක්ෂේත්‍රයට ආසාවක් නැති වුණත් හුඟ දෙනෙක් කියන්නේ 2018 වනවිට මමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා.දැනටත් මගේ හිතවත් මන්ත්‍රීවරුන් යාළුවන් මට විහිළුවට කතා කරන්නේ ඇමැතිතුමා කියලයි.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ කරන ලද සාකච්ජාවක් ඇසුරෙණි

325