Home » කසු කුසු » නලින් වටේ ගිහින් ගෙදර යයි

නලින් වටේ ගිහින් ගෙදර යයි

  • Thursday, 26 June 2014 07:59

පසුගිය කාලයේදී සිය විවාහක බිරියගෙන් වෙන්වී දරුදෙදෙනාද අතැරගොස් සිටි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා යළි සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවේ ප්‍රධාන ඡායාරූපයද වෙනස් කරමින් ඒ සඳහි සිය විවාහක බිරිය හා ඔහුගේ ඡායාරූපය් යොදා තිබේ.එසේම එම ෆේස්බුක් පිටුවේ කවරයේ ඡායාරූපයට එක්කර ඇත්තේ සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නාන තටකයක ගන්නා ලද ඡායාරූපයකි.

 

ඔහු අදාල ඡායාරූපයට මගේ ජීවිතය(My Life) ලෙස ද චචන කිහිපයක්ද එක් කර ඇත.නලින් සිය ෆේස්බුක් පිටුවේ ප්‍රධාන ඡායාරූපයට ඔහුගේ බිරිය සමඟ ගත් ඡායාරූපයක් යෙදූ පළමු අවස්ථාවද මෙය වේ.

Last modified on Thursday, 26 June 2014 08:14

325