Home » කසු කුසු » කරන් ජොහාර් තාත්තෙක් වෙන්න සූදානම්

කරන් ජොහාර් තාත්තෙක් වෙන්න සූදානම්

  • Wednesday, 25 June 2014 10:59


කරන් ජොහාර් ලංකාවේ හින්දි සිනමා රසවතුන්ට ආගන්තුක නමක් නෙමේ. කරන් ගෙ ෆිල්ම්ස් වල රහ දන්න ලාංකික සිනමා රසිකයින් කරන් ගැන අළුත් තොරතුරු දැනගන්න උවමනාවෙන් ඉන්නෙ. කරන්ගෙ Coffe With karanවැඩ සටහන මෙහෙ අයත් එක එක නම් වළින් කොපි කරලා පෙන්නන්න හැදුවත් කරන්ගෙ කොෆී එක තරම් නම් රහ නැති බව නියම රහ දන්න අය දන්නවා.

කොහොමවුනත් කරන් ජනප‍්‍රිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ වල් වල පැය දෙකකට වැඩි කාලයක් ඉතාම රසවත් විදිහට වැඩ සටහන විවිධ රංගන ශිල්පීන් සමග එක්ව ඉදිරිපත් කරන්නත්  දක්‍ෂයි.  


ඉතින් කරන් ජොහාර් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ . කරන් තාත්තා කෙනක් වෙනවා කිව්වහම හැමෝම වගේ පුදුම වෙනවා. කොහොමවුනත් කතාව ඇත්ත . ඒක ට සාක්‍ෂි ඕනෙ තරම් තියෙනවා. මොකද මේකට සම්බන්ධ අයත් ජනප‍්‍රිය බොලිවුඞ් තරු පිරිසක්.විකාශ් භාෂි ගෙ සිනමා පටයෙ කරන් රගපානවලූ තාත්තා කෙනෙක්ගෙ චරිතයක් . මේ නිර්මාණයේ කරන් සමග ෂහීඞ් කපූර් සහ අලීයා බාත් රගපාන්න නියමිතයිලූ. ගෝවින්දයි කරන් දෙන්නම මේකෙ හාස්‍යජනක චරිත ලූ රගපාන්නෙ . ගෝවින්දගෙන් මේ ගැන අහපුවහම කියලා තියෙන්නේ විකාශ් ව මුණගැහිලා මේ ගැන කතා කරන්න නියමිතව ඇති බවයි. කරන්ට රංගනය අළුත් දෙයක් නෙමෙයි.

325