Home » කසු කුසු » සේමිණී ගෙදරින් ගිහින්

සේමිණී ගෙදරින් ගිහින්

  • Friday, 06 June 2014 08:56


සේමිණී ඉද්දමල්ගොඩ ජනප‍්‍රිය වගේම දක්‍ෂ රංගන ශිල්පිණියක්. සේමිණී 05වෙනිදා හිටිවනම නිවසින් පිටත්වෙලා. මේක තරමක හිතුවක්කාර ගමනක් කියලත් හිතෙනවා. සේමිණී ගිහින් තියෙන්නේ මතුගම පැත්තට . කව්රුවත් මේ ගමන ගැන දැනගෙන ඉඳලා නැහැ. ඒත් දන්න කිහිප දෙනෙකුත් හිටියා. මිරර් ආර්ට්ස් වලට කතා කරේ මේ හිතුවක්කාර ගමන ගැන දැනන් හිටිය කෙනෙක්.

සේමිණී මතුගමට ගියේ ඇයි?

සේමිණී ට ඕනේ වුනා රහසින් යමක් කරන්න. ඒත් ඉතින් සේමිණී වගේ ජනප‍්‍රිය කෙනෙක් කොහොමද රහස් වැඩ කරන්නේ. සේමිණී ගෙ ගමකට තවත් දෙන්නෙක් අතර මගින් එකතු වෙලා තියෙනවා.

 

පසුගිය දිනවල වැහැපු මහ වැස්සත් එක්ක කළුකර මතුගම පැත්තේ ජනතාව හුගක් අසරණ වුනා. මේ අයට සහනාධාර රජයෙන් ලැබුනා . ඒත් හැම අස්සක් මුල්ලකටම මේ සහන ලැබුනද කියලා දන්නෙනම් නැහැ. එහෙම නොලැබුන අයත් ඉඳලා තිබෙනවා. සේමිණී ටෙලිවිෂන් එකෙන් දැකපු මේ විපත්තිදායක තත්ත්වය නිසා මේ අයට උදව් කරන්නෙ කොහොම ද කියලා හිතුවා. එයා යාළුවෙකුට කතා කරලා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරගෙන තිබුනා. ඒ අනුව සේමිණී තීරණය කරා අදහස හිතට ආව මොහොතෙම ක‍්‍රියා කරන්න .     ඇය වහාම නිවසින් පිටවෙලා මතුගම ප‍්‍රදේශයේ වතුරෙන් යට වෙලා, වටවෙලා තිබුණ ගමක ට ගිහින් තියෙනවා.

වාහනේ ගියාට සේමිණීට ඒ ගමට යන්න වෙලා තියෙන්නේ පාරුවකින්. සේමිණී ඒ අයව හම්බවෙලා ඒ අයට මූලිකවම අවශ්‍ය මොනවද කියලා හොයලා බලලා පවුල් 35කට හාල්, පරිප්පු, සීනි වැනි මූලික අත්‍යවශය ආහාර අමුද්‍රව්‍ය ලබාදීලා තියෙනවා. ඒ ගමේ අය සේමිණීට නොසෑහෙන ලෙස ස්තුති කරලා තියෙනවා. සේමිණී දවස් දෙකක් මේ කර්තව්‍ය වෙනුවෙන් ගත කරලා . වැස්සට අහුවුණ සේමිණී ගෙදර ඇවිත් තියෙන්නෙත් තෙමිලා තෙත බරිත වෙලාලූ.

 

මේ වගේ දේවල් කරන්න හිතක් පහළ වෙන එකම ලොකු දෙයක්. සේමිණී මේවා කරන්නේ දේශපාලනේට නම් එන්න නෙමේ කියලා යාළුවෙක් අහපුවහම කියලා තියෙනවා. ජීවිතේ කිසි දවසක දේශපාලනේ කරන්නේ නැහැ කියලා .


මිර්ර් ආර්ට්ස් වෙත මේ සිද්ධීය කිව්ව යාළුවත් කිව්වේ රටේ ජනතාව ආපදාවකට ලක්වුනහම ස්වෙච්ජාවෙන් මේ වගේ ගිහින් වැඩ කරන කලා කරුවො හරි අඩුයි . සුනාමි ආව වෙලාවෙනම්  හුගක් කලාකරුවො මිනිස්සු වෙනුවෙන් ගිහින් පිහිට වුණා. නමුත් මේ වගේ ආපදාවලදි කට්ටිය ටිකක් සහෝදර ජනතාව ගැන හිතනවා අඩුයිසේමිණී මේ කරපු දේ මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියක් ගන්න බලාගෙන කරපු දෙයක් නෙමේ . සේමිණී මේ ගිය ගමන ගැන කිසි කෙනෙක් දැනන් හිටියෙ නැහැ . මේකට කාන්චනා මෙණ්ඩිස්ගෙ හස්බන්ඞ්ගෙ දෙමව්පියෝ දනේනත් දායක වෙලා තිබෙනවා කියලා දැනගන්න ලැබුනා. කොහොමවුනත් මිරර් ආර්ට්ස් මේ ගැන ලිව්වෙ සේමිණී කරපු සද්කාර්්‍යය අගය කරන්න .

325