Home » විශේෂාංග
  • නික්ම ගියද සදා හදවත්මත ජීවමානව වැජඹෙන ඒ ළයාන්විත හඬ නො ඇසූ අයකු ලංකාවේ නොමැත. දශක තුනක කාලයක් ලංකාවේ සංගීතය රසවිඳින්නන්ගේ පිපාසය ගී දියෙන් නිවා සැනසූ ඔහු අපට විඳින්නට නිර්මාණ රැසක් ඉතිරි කොට යන්නට ගොස්   දාහත් වසරක්ගෙවී ගොසිනි .

    Read more...
  • 12.03.2015
  • වෙන කිසි ෆිල්ම් එකක් ළග ඉතුරු වෙලා නැති වෙලාවකදි මං සයිමන් කර්ටිස් අවුරුදු 08ක් විතර හිතේ තියාගෙන ඉඳලා කරපු මයි වීක් විත් මැරලින් බලන්න ඉඳගත්තා. කර්ටිස්ට මේ තැන අහුවෙන්නේ කොලින් ක්ලාර්ක්ගේ පොතකින්. ඒක පොතක් නෙමෙයි ඒක පොත් දෙකක්. කොලින් ක්ලාර්ක් 1957 දී පි‍්‍රන්ස් විත් ෂෝ ගර්ල් කියල ලෝරන්ස් ඔලිවියර්, මැරලින් එක්ක හදන ෆිල්ම් එකේ තුන්වෙනි සහාය අධ්‍යයක්ෂවරයා විදිහට වැඩ කරනවා. ඒක කොලින්ගේ පළවෙනි රස්සාව. මැරලින් කියන්නේ ඒ වෙලාවේ ලෝකෙම අවුලන සරාගී ගිනි සිළුව. සතියක පුංචි කාලයක්. ඒක මැරලින්ගේ ජීවිත කතාව නෙමෙයි. හැම කෙනෙකුගෙම ජීවිත වෙනස් කරපු එක නිශ්චිත කුඩා කාලයක්. මැරලින් කුණාටුවක් වගේ ඒ හැමෝගෙම ජීවිත කණපිට ගස්වමින් හමා යනවා.

    Read more...
  • 23.12.2014
  • මට ඕන වුණේ සැලවදෝර් ඩාලි පර්ෆියුම් එකක් ගෙන්න ගන්න. 1983දී ඩාලි මේ පර්ෆියුම් එක හදන්නෙ එයාගෙ පේ‍්‍රමය වුණු ගලාට ප‍්‍රණාමයක් විදිහට. එතකොට ගලා මැරිලා. මේ වෙද්දි ඩාලිටත් 78ක් විතර. ගලා මැරෙද්දි එයාට අවුරුදු 87යි.ඔව්,  ගලා  අවුරුදු 10ක් විතර වැඩිමල් ඩාලිට වඩා.

    Read more...
  • 16.11.2014
  • ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ‘අර’ පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය. ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’ කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්? ‍ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි. ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි. අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.

    Read more...
  • 28.10.2014
  • Ernest Miller Hemingway (July 21, 1899 – July 2, 1961) was an American author and journalist. His economical and understated style had a strong influence on 20th-century fiction, while his life of adventure and his public image influenced later generations. Hemingway produced most of his work between the mid-1920s and the mid-1950s, and won the Nobel Prize in Literature in 1954. He published seven novels, six short story collections, and two non-fiction works. Additional works, including three novels, four short story collections, and three non-fiction works, were published posthumously. Many of his works are considered classics of American literature.

    Read more...
  • 23.10.2014
  •  තණ්‌හා රතී රඟා... ලොව රටවල් කිහිපයක ප්‍රධාන පෙළේ සිනමා උළෙල රැසක්‌ නියෝජනය කරමින් සම්මාන, විචාර මෙන්ම පැසසුම්ද ලද චිත්‍රපටය  17 දා  සිට ශ්‍රී ලංකාවේ තිරගත කිරීම ඇරැඹේ.තණ්‌හා රතී රඟා... නිලේන්ද්‍ර දේශප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. 1962 දී උපන් නිලේන්ද්‍ර නාට්‍ය හා රංග කලාව හදාරන්නට පටන් ගත්තේද සිසු අධ්‍යාපනයේ සිටය. වයස අවුරුදු දාහතරේ දී ඔහු සිය පළමු වේදිකා නාට්‍ය පිටපත රචනා කළේය. ඔහු ලයනල් වෙන්ට්‌ඩ් රංග ශිල්ප ශාලිකාවේ 78 කණ්‌ඩායමේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.

    Read more...
  • 17.10.2014
  • ස්වයං ලිඛිත චරිතාපදානයක් (Autobiography)සැකසීම කැඩපතක් ඉදිරියට ගොස් තමන්ගේ නිරුවත දැකීමක් වගේම පෙන්නීමක්.එය කිසියම් ආකාරයකට නිර්භීත ක්‍රියාවක් වන්නේ තම ජීවිතයේ සියළු අඳුරු අහුමුලු විදුලි පන්දමකින් ආලෝක කර අපට පෙන්නවා නම් පමණයි.මා කියවා ඇති එවැනි ස්වයං ලිඛිත චරිතාපදානයන් අතුරෙන් මා වඩාත්ම ඇලුම් කරන්නේ කමලා දාස් ගේMy Story ඇගේ නවකතාවත් මා වශීකළා.

    Read more...
  • 15.10.2014
  • නිශ්චිත ආදරයක්

    සන්නිවේදනය වෙන්නේ
    එ ආදර විෂය වස්තූන්
    ගැවසෙන සංකීර්ණ
    සන්දර්භයන් ඇතුලේ විතරයි.......

    මංජුල වෙඩිවර්ධනගේ 'මගේ ආදරණීය යක්ෂණී' අක්ෂලාංකාර පෘෂ්ඨිමය වියමන ලාංකීය ඔඩිසියානු පාරභෞතිකය සැහැල්ලූ ඒත් ශක්තිමත් වාග්මය මිටි පහරවල්වලින් ජාතික රාජ්‍ය චිත්තාපරභාවයේ අතීත වේදනාවන් නැවත ඉතිහාසය අර්ථකතනය කරමින්ල පවතින දෘෂ්ඨිමය හෙජමොනි පර්වත ධූරාවලිය කැබලිතිවලට බිඳ දමයි. අපි යම් සුසාධිත යථාර්ථවාදී කතා පොතක් කියවන්නට සැදී පැහැදී ලක ලෑස්ති වූ විට එම පොතේ මුල් වාක්‍යාණ්ඩයෙන් හෝ මුල් ජේදයෙන්ම එක් දොරක් විවෘත වෙයි. ඒ දොරෙන් ප‍්‍රවිෂ්ඨ වීල එහි ඇති ඇතුළු දොරවල්ල ජනෙල් හරහා ගොස් පිටුපස දොරෙන් ඉතා ලේසියෙන් පිටවී යා හැකිය.

    Read more...
  • 02.10.2014

325